යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් පස්වැනි වරටත් සංවිධාන කළ “යොවුන් දහම් සක්මන” සදහම් වැඩසටහන 2020 පෙබරවාරි 15 වැනි දින කඩුවෙල ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ පිහිටි බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී අතිසාර්ථකව නිමාවට පත්විය.

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සහ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන සඳහා යොවුන් දූදරුවන් 5000කට අධික පිරිසක් සහභාගී වූහ.

මේ උතුම් සදහම් වැඩසටහන සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් සුවසේ ම පින් රැස් කර ගනිමින්, සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින්, මේ ගෞතම බුදුසසුන තුළදී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා!

යොවුන් දහම් සක්මන 2020 ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාව නැරඹීම සඳහා පිවිසෙන්න >>