Blog

Blog2016-11-08T10:09:37+05:30

January 2019

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (11 කොටස)

By |January 29th, 2019|Categories: ජම්බුද්වීපය|

බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්- ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් වූ නිසාවෙනි.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (11 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (10 කොටස)

By |January 28th, 2019|Categories: ජම්බුද්වීපය|

බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ වෘක්ෂ බහුල වූ බැවින් ද කෝසම්බි නම් වූයේ යැයි පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. කෝසම්බිය භාරතීය ඉතිහාසයේ ද බෞද්ධ ග්‍රන්ථයන්හි ද දැක්වෙන ප්‍රකට නගරයකි.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (10 කොටස)

028. නන්දිවිසාල ජාතකය

By |January 25th, 2019|Categories: 03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.

027. අභිණ්හ ජාතකය

By |January 23rd, 2019|Categories: 03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා.

9-1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

By |January 20th, 2019|Categories: 09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, අපේ ඒකසාටකට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා. ඔහු රාත්‍රී පළමු යාමයෙහි සළුව පූජා කළා නම්, ඔහුට ඔය තෑග්ග ලැබෙන්නේ එකකින් දහසය ගානේ. මධ්‍යම යාමයේ සළුව පූජා කළා නම් ඔහුට ඔය තෑගි ලැබෙන්නේ එකකින් අට ගානේ. අන්තිම අවස්ථාවේ නෙව පූජාව කරගත්තේ. ඒ නිසයි හතර ගානේ ලැබුණේ."

Comments Off on 9-1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (9 කොටස)

By |January 14th, 2019|Categories: ජම්බුද්වීපය|Tags: , , , |

සංකස්සය වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පරුඛාබාද් දිස්ත්‍රික්කයේ කාලි නදීතෙර පිහිටා තිබුණි. සංකස්ස හෙවත් සංකිස්සාවේ පෞරාණික නාමය සාංකශ්‍ය යන්නයි. වාල්මිකීගේ රාමායනයේ ද, පාණිනීගේ අෂ්ඨධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සාංකශ්‍ය ගැන සඳහන් වේ. භාරතීය බෞද්ධ සිද්ධස්ථාන නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සාංකශ්‍ය නම් පෞරාණික නගරය කනවුජ් හා අත්‍රංජි අතර පිහිටා තිබුණි.

Go to Top