February 2015
2-11. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව
මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුණේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුණේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ එ් ගැන දුකට පත්වුණේ නෑ. කම්පා වුණෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කලබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.
2-10. සක් දෙවිඳුගේ කථා වස්තුව
බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප්‍රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුණා. එ් වගේම ප්‍රමාදයට දොස් ලැබුණා. එනිසා ප්‍රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුණේ නෑ. අප්‍රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප්‍රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුණා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුණා.
4. The Crimson Chapter
In the human world I lived in the city of Baranasi. The Supreme Buddha was born in the Clan of the Sun. Therefore he is known as the Kinsman of the Sun. One day I happily offered a dry lump of rice cake to the Supreme Buddha.
2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව
නමුත් ජව සම්පන්න අශ්වයා සුළඟටත් වඩා වේගයෙන් දුවනවා. ඊතලයකටත් වඩා වේගයෙන් පැනගෙන යනවා. වීරියවන්ත මනුෂ්‍යයා මහා නුවණින් යුතු ප්‍රඥාවන්තයා ජව සම්පන්න අශ්වයෙක් වගෙයි. ඔහු දුර්වල සියලූ දෙනාම පසුකොට වේගවත් ගමනක යෙදෙනවා. නිහඬ ගමනක යෙදෙනවා. ඔහු තමන්ගේ ඉලක්කය කරා කෙමෙන් කෙමෙන් ළං වෙනවා. ඔහු විවේකය ගන්නෙ ඊට පස්සේ. මෙවැනි වීරියවන්තයන් ඇසුරු කිරීමත් වාසනාවක් නොවේද?
3. The Coral Tree Chapter
Before I was born here, I lived in the human world. I was a daughter-in-law in a very greedy family that did not have any faith in the Triple Gem. But I had unshakable confidence in the Triple Gem and I followed the Five Precepts.
2-8. මහා කස්සප තෙරුන් වහන්සේගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රමාදයත්, අප්‍රමාදයත් ගැන දැන් ඔබ දන්නවා. මෙම ගාථාවෙහි පණ්ඩිතයා කියන්නේ රහතන් වහන්සේටයි. නුවණින් යුතු කෙනාටයි. එ් රහතන් වහන්සේ ප්‍රමාදය බැහැර කළ අප්‍රමාදය තුළින් ජීවිතය ජය ගත් කෙනෙක්. උන්වහන්සේ ප්‍රාසාදයකට නගිනවා. එ් ප්‍රාසාදය ප්‍රඥාවෙන් කරපු එකක්. ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදය කියන්නේ චුතූපපාත ඤාණයටයි.




