ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.
මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අනුස්මරණීය දිනයකි. ශාන්තිනායක වූ අපගේ ගෞතම බුදු සමිඳාණෝ උතුම් සම්බුද්ධත්වයට පැමිණ ඒ වන විට වසර පහක් ගෙවී ගොස් තිබුණි. එකල එළඹුණු බක් පුන් පොහෝ දිනයේ මහා කරුණා සමවතින් ලොව දෙස බලනා සම්බුදු රජාණෝ මේ ලක්දිව සිදුවීමක් දැක වදාළ සේක. ඒ නා රජවරු දෙදෙනෙකු යුධයකට සැරැසී සිටිනා අයුරුයි.
පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලුතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. ඒ ගස් බබලනවා ගිනි සිළුව වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා! ඒ ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තටම සුවඳ හමනවා. දැන් ඒ ගස්, කොළ අත්හැරියා. ඔය සූදානමින් ඉන්නෙ ගෙඩි පිළිගන්ට. මහාවීර මුනිඳුනි, දැන් ඉතින් අපට පිටත්වෙන්න කල් පැමිණිලා!
නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති
දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන්පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට වැඩසිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස.....
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.
ඉක්බිති ප්‍රීතියෙන් පිනාගිය ප්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ ආනන්ද තෙරුන් හට මෙලෙස පිළිවදන් දුන්නා ය. “ස්වාමීනී ආනන්දයන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” ඒත් සමඟම එය මහා ප්‍රජාපතී ගෞතමිය ගේ පැවිද්දත් උපසම්පදාවත් විය.
ඒ පින්බර නිකිණි පුන් පොහෝ දින අළුයම සිව් ඉරියව්වෙන් ම තොර ඉරියව්වක දී ආනන්දයන් වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. ඉන්පසු ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළුව පන්සිය නමක් මහ රහතන් වහන්සේලා විසින් රජගහනුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සත් මසක් පුරාවටම සිදු කරන ලද ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද ඒ පින්බර නිකිණි පුන්පොහෝ දිනයේ දී ය.
අප භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකායෙහි වඩිමින් බරණැස ඉසිපතන මිගදායට වැඩි සේක. එය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයකය. භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිද්දීම පස්වග ශ්‍රමණවරු උන්වහන්සේ ගැන නොසැලකිලිමත් වූහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සත්‍යයෙහි පිහිටා එකල පවා සත්‍ය වචනයෙන් පමණක් කතා කළ බව පැවසීමෙන් පසු ඔවුහු ධර්ම ශ්‍රවණයට සූදානම් වූහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඇසළ සඳ නැගී ආ ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහිදී අමා බෙරය වැයූ සේක.
නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.