පොහොය වර්ණනාව

වෙසක් පුන් පොහොය

2020-05-06T16:35:39+05:30May 2nd, 2015|පොහොය වර්ණනාව|

සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත‍්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ‍්‍රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති‍්‍රවිද්‍යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක.

වැඩියා ගෞතම මුනි සැනසුම දෙන

2021-01-27T10:36:08+05:30January 3rd, 2015|පොහොය වර්ණනාව|

පින්බර දුරුතු පොහෝ දිනයේ ප්‍රථම වරට ලක් දිවට වැඩම කළ අපගේ ශාස්තෘන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! ප්‍රථම වරට ලක්දිව ඉදිවූ ඒ මියුගුණ මහා සෑ රජාණන්ටද අපගේ නමස්කාරය වේවා ! ඒ සෑ ගර්භයේ වැඩ සිටිනා අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා !

සඟමිත් තෙරණිය මෙහි වඩිමින්නේ – ජය සිරි මහ බෝධිය සමඟින්නේ

2020-12-28T09:10:09+05:30December 5th, 2014|පොහොය වර්ණනාව|

ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පොහොය මූලික වෙමින් සිදු වී තිබේ....

චරථ භික්ඛවේ චාරිකං

2021-11-17T22:03:43+05:30November 5th, 2014|special days, පොහොය වර්ණනාව|

පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය, පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න.

Go to Top