ගර්භණි මව්වරුන්ගේ විශේෂ සදහම් වැඩසටහන් පෙළ – 3 වන අදියර
තුන්වන අදියර මාර්තු මස 24 වන දින කොටපොල මොරවක්කෝරලේ තේ සමූපකාර සමිති ශාලාවේදී පැවැත්විය.මොරවක, පස්ගොඩ, උෟරුබොක්ක හා ඒ අවට ප‍්‍රදේශයේ සිටින ගර්භණී මව්වරුන් එහිදී විශේෂයෙන් ඉලක්ක කෙරුණි. මේ සඳහා ගැබිණි මව්වරුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එම මව්වරුන් උතුම් සීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව පැවැත්වීමද සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ විශේෂ දේශනය ද පිරිත් සජ්ඣායනය ද මව්වරුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දීම ද සිදු විය. ඊට අමතරව සෑම මවකටම මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ, සැබෑ බිරිඳ කවුද සදහම් ග්‍රන්ථය මහාමේඝ සදහම් පුවත්පත ද ලබා දීම සිදු විය.