පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා!
පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් […]
පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් […]
කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2015 ජූලි මස 01 වන අධි ඇසල පුන් පොහෝ දින සිදු කෙරුනා.
කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර වසර 10ක් සැපිරීම නිමිති කර ගනිමින් ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ‍්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2015 මැයි මස 28 වන දින පැවැත්වූ “සාංවත්සරික පුණ්‍යමහෝත්සවය”
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.
වර්ෂ 2559 ක් වූ වෙසක් පුන් පොහෝ දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී ළමා පිරිත් කණ්ඩායමෙහි පළමු පිරිත් සජ්ඣායනාව පැවැත්විණි. මෙහිදී කුඩා දරුවන් 50ක් පමණ එක්ව පැය දෙකක පමණ කාලයක් පිරිත් පේකිරීම සහ මහ පිරිත සජ්ඣායනා කරන ලදී. එම කුඩා දරුවන් විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනා කරන ලද එම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි හඬ පටය මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිකරනු ලැබූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව මුළුමනින්ම විදුලි බුබුළින් වැසී යන පරිද්දෙන් අලංකාර කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. එමෙන්ම අසපුව පුරා වෙසක් කූඩු එල්ලා අලංකාර තිබූ අතර සම්බුද්ධ රාජ මාලිගාවේ සලපතල මළුවේ දර්ශනීය පහන් කූඩුවක් ද ඉදිකොට තිබුනා. මේ සියලු වෙසක් සැරසිලි වලින් මුළු මහමෙව්නාව භාවනා අසපුව පුරා අමුතුම සිරියාවක් ගෙන දුන්නා.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 17 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-04-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 කට අධික පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් ....
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පුණ්‍යෝත්සවය නිමිත්තෙන් පැවති දේශයේ අලුත් සහල් අස්වැන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ බක් පුර අටවක පෝ දින හෙවත්, ව්‍යවහාරික වර්ෂ 2015 මාර්තු මස 27 වැනි දින දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සම්පූර්ණ විය.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙමින් ගෞතම බුදු සසුනේ දියුණුව වෙනුවෙන් තම ධනය හා ශ්‍රමය යෙදවූ එම සැදැහැවතුන් සැමට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව!
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි.