දමිළ දරුවන් වෙනුවෙන් සිදුකෙරුණු පාසල් උපකරණ පරිත්‍යාගය (ඡායාරූප)
පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු පළාත තුළ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය නිසා එම ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණතාවයට පත්වුණා. මෙසේ අසරණතාවයට පැමිණි ජනතාවට සවියක් වීම සළකා ඔවුනගේ සුභ සෙත උදෙසා, එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ‍්‍රද්ධා සමාජ සත්කාර ඒකකය විසින් පාසැල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මයක් පසුගියදා සිදු කළා. මෙහිදී කිලිනොච්චියේ කණ්ඩාවලෛ මහා විද්‍යාලය, ධර්මපුරම් අම්බිකයි විද්‍යාලය, මුලතිව් නෙත්තලියාරු දෙමළ විද්‍යාලය යන පාසල් තුන කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම පාසැල් උපකරණ බෙදා දීම සිදු වුණේ. මේ පින්කමේදී 350 කට අධික දරුවන් පිරිසක් උදෙසා පාසැල් බෑග් හා අනෙකුත් පාසැල් උපකරණ ඇතුළු රු.3500කට අධික වටිනාකමකින් යුතු අංග සම්පුර්ණ පාසැල් උපකරණ කට්ටලයක් බැගින් ලබාදීම සිදුවුනා. මෙසේ බෙදා දුන් ආධාරවල වටිනාකම රුපියල් මිලියනයකට අධිකයි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයට සම්බන්ධ සැදැහැවතුන්ගේ හා ශ‍්‍රද්ධා රූපවාහිනී පේ‍්‍රක්ෂක, ලක්විරු ගුවන්විදුලි ශ්‍රාවක ඔබගේ ද්‍රව්‍යමය හා මූල්‍යමය දායකත්වයෙන් මෙම පින්කම සාර්ථක කරගැනීමට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට හැකියාව ලැබුණා.