අභිනව දාන ශාලාව විවෘත කිරීමේ පින්කම
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා 250 නමකට සුවසේ දන් […]
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා 250 නමකට සුවසේ දන් […]
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ ප්‍රධාන […]
අවුරුදු අටක පමණ කාලයක් දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ වැඩවාසය කරමින් සුවිශාල […]
අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහනය
[…]
පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් […]
කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2015 ජූලි මස 01 වන අධි ඇසල පුන් පොහෝ දින සිදු කෙරුනා.
කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර වසර 10ක් සැපිරීම නිමිති කර ගනිමින් ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ‍්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2015 මැයි මස 28 වන දින පැවැත්වූ “සාංවත්සරික පුණ්‍යමහෝත්සවය”
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.
වර්ෂ 2559 ක් වූ වෙසක් පුන් පොහෝ දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී ළමා පිරිත් කණ්ඩායමෙහි පළමු පිරිත් සජ්ඣායනාව පැවැත්විණි. මෙහිදී කුඩා දරුවන් 50ක් පමණ එක්ව පැය දෙකක පමණ කාලයක් පිරිත් පේකිරීම සහ මහ පිරිත සජ්ඣායනා කරන ලදී. එම කුඩා දරුවන් විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනා කරන ලද එම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි හඬ පටය මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිකරනු ලැබූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව මුළුමනින්ම විදුලි බුබුළින් වැසී යන පරිද්දෙන් අලංකාර කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. එමෙන්ම අසපුව පුරා වෙසක් කූඩු එල්ලා අලංකාර තිබූ අතර සම්බුද්ධ රාජ මාලිගාවේ සලපතල මළුවේ දර්ශනීය පහන් කූඩුවක් ද ඉදිකොට තිබුනා. මේ සියලු වෙසක් සැරසිලි වලින් මුළු මහමෙව්නාව භාවනා අසපුව පුරා අමුතුම සිරියාවක් ගෙන දුන්නා.