
අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා. 03:21 පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා. 05:52 ගෙවේ.
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.