මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

12-1. බෝධිරාජකුමාරයාගේ කථා වස්තුව

"අදට වුණත් දරුවන් නැති දෙමව්පියන් කොතරම් නම් ඉන්නවාද? වෙනත් දෙමව්පියන් දරු සුරතල් බලන අයුරු දැක මොනතරම් සුසුම් හෙළනවාද? දරුවන් ලබාගැනීම උදෙසා මොන තරම් වියදම් කරනවාද?."

June 8th, 2019|3 Comments

මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය

මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා නිතර නිතර සමවැදීමෙන් වෙන් නොවී සිටි ඒ රහත්ඵල සමාපත්තිය නම් අමා සැපය විඳීම පවා අත්හරිමින් අපගේ රහතන් වහන්සේලා ඒ ඒ රට රාජ්‍යයන්ට වැඩම කොට ලෝක සත්වයාට බොහෝ කල් හිත සුව පිණිස කටයුතු සලසා වදාළා. එනිසා ලෝක සත්වයාට හිත සුව සලසන්ට කව්රු නම් ප්‍රමාද වෙත් ද!

June 7th, 2019|Comments Off on මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය

මහාවංශය – එකොළොස්වෙනි පරිච්ඡේදය

ධර්මාශෝක නරේන්ද්‍රයාගෙන් ඇසූ වචනයට අනුව තම ස්වාමියාගේ දියුණුව කෙරෙහි ඇලුනු සිත් ඇති ඒ ඇමතිවරු ලංකාවාසීන්ගේ හිතසුව කැමැති දෙවනපෑතිස් රජුන්ව නැවත වතාවක් දඹදිව කෙරෙන ක්ෂත්‍රිය චාරිත්‍ර අනුව අභිෂේක කළා. දේවානම්ප්‍රිය යන උපපදය යුක්ත කොට පවසන, තමන්ගේ ජනයාට සැපය සලසන්නා වූ ඒ රජ්ජුරුවෝ වෙසක් මස පුන් පොහෝ දවසේදී ලංකාවෙහි මහා උත්සවාකාරයෙන් නැවතත් අභිෂේක කළා.

June 5th, 2019|1 Comment

මහාවංශය – දසවෙනි පරිච්ඡේදය

පණ්ඩුකාභය රජුටත්, අභය රජුටත් අතර රජෙකුගෙන් හිස්ව ලංකාව පැවති කාලය දාහත් වසරකි. වීරියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ පණ්ඩුකාභය රජතුමා රජකමට පත්වෙන විට වයස තිස් හතයි. රම්‍ය වූ අනුරාධපුරයෙහි සියලු සැපයෙන් සමෘද්ධිමත්ව සැත්තෑ අවුරුද්දක් රාජ්‍යය පාලනය කළා.

June 3rd, 2019|2 Comments

මහාවංශය – නවවෙනි පරිච්ඡේදය

රජ්ජුරුවන්ගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත්‍රයන් සියලු දෙනාම එකතු වෙලා උන්මාදචිත්‍රා කුමරියට ජීවිතාරක්ෂාව ලබාදුන් තම ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන අභය යුවරාජයන්ව මහත් උත්සවාකාරයෙන් ලංකාවෙහි රජු ලෙස අභිෂේක කළා.

June 2nd, 2019|Comments Off on මහාවංශය – නවවෙනි පරිච්ඡේදය

මහාවංශය – අටවෙනි පරිච්ඡේදය

ඒ පිරිසිදු බුද්ධි ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක් ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩුවාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළා. පණ්ඩුවාසුදේව රජ්ජුරුවෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප සෞන්දර්යයෙන් හෙබි භද්දකච්චානා ශාක්‍ය වංශික රාජකන්‍යාව අභිෂේක කළා.

June 1st, 2019|Comments Off on මහාවංශය – අටවෙනි පරිච්ඡේදය

Islam-ඉස්ලාම්

'ඉස්ලාම්' යන මෙම වචනයේ තේරුම ඔවුන් අදහන 'එකම දෙවියා' යන සංකල්පයට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. මෙකී ආගමේ නිර්මාතෘවරයා අරාබි ජාතිකයෙකි. නමින් මොහොමඩ් ය. දෙවියන් විසින් මිනිස් ලොවට එවන ලද වක්තෘවරයා යන අර්ථයෙන් 'නබී' යැයි කියනු ලැබේ. එනිසා මොහු හඳුන්වන්නේ 'මොහොමඩ් නබී' නමිනි.

May 31st, 2019|2 Comments

මහාවංශය – සත්වෙනි පරිච්ඡේදය

මහාවංශයෙහි සත්වෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ විජය කුමරු ලක්දිවට ගොඩබට අවස්ථාවේ සිට රාජාභිෂේකය සිදුවූ අවස්ථාව දක්වා කතා පුවතයි.

May 31st, 2019|1 Comment

මහාවංශය – හයවෙනි පරිච්ඡේදය

මහාවංශයෙහි සයවෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ සිංහල ජාතියේ ආදිම පුරුෂයා වන විජය රජුගේ උප්පත්ති කතාවත්, එතුමාගේ දෙමාපියන්ගේ ජීවිත කතා පුවතත්, විජය කුමරු ලක්දිවට පැමිණි ආකාරය ගැනත් ය.

May 31st, 2019|Comments Off on මහාවංශය – හයවෙනි පරිච්ඡේදය

මහාවංශය – පස්වෙනි පරිච්ඡේදය

මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදය වන මෙහි දෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංඝයා වාද විවාද හේතුවෙන් ආචාර්ය කුලයන්ට බිඳීගිය ආකාරයත්, ධර්මාශෝක රජුගේ රාජාභිෂේකය සිදුවූ ආකාරයත්, ධර්මාශෝක රජතුමා නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ බැහැදැකීම සිදු වූ ආකාරයත්, ධර්මාශෝක අධිරාජයා බුද්ධාගම වැළඳගැනීමත්, මහා පින් ඇති, මහා බල ඇති, මහා තෙද ඇති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පහළවීම පිළිබඳ අසිරිමත් කතා පුවතත්, ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් තුන්වන ධර්ම සංගායනාව සිදු වී ගෞතම බුදු සසුන සුරක්ෂිත වූ ආකාරයත් විස්තර වේ.

May 30th, 2019|2 Comments
Go to Top