මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)

කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.

January 9th, 2019|Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)

ශ්‍රද්ධා රූපවාහිනියේ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව සහ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය

ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන යන්නට අත දෙන ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වතුන්ටත් ආරම්භයේ සිට ම ශ්‍රද්ධා නාලිකාවට උපකාර කළ සැමදෙනාටත් ගෙවීගිය ව්‍යවහාර වර්ෂය පුරාවට රැස්කළ සියලු පින් අනුමෝදන් කොට සෙත් පැතීම උදෙසා 2018 දෙසැම්බර් 29 දින රාත්‍රියේ විශේෂ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනයක් සහ සර්වරාත්‍රික පිරිත් දේශනයක් ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනා. සියල්ලෝම මේ පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

December 31st, 2018|2 Comments

8-15. කිසා ගෝතමියගේ කථා වස්තුව

“අනේ ස්වාමීනී, මට තේරුම් ගන්න බැරිව සිටිය දෙයක් අද වැටහුණා. දරුවාට තිබුණු අධික ආදරය නිසාමයි මේ හිත අවුල් වුණේ. සත්‍යය පිළිගන්න මේ සිතේ ඉඩක් තිබුණේ නෑ. මට පෙණුනේම දරුවාට පණ තියෙනවා කියලයි. භාග්‍යවතුන් වහන්සේ මට එය මා තුළින්ම තේරුම් ගන්න සැළැස්සුවා. අනේ ස්වාමීනී, මේ ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වෙන්නයි මට දැන් ඕන.”

December 31st, 2018|Comments Off on 8-15. කිසා ගෝතමියගේ කථා වස්තුව

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2018 දෙසැම්බර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2018) දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 15 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]

December 31st, 2018|2 Comments

025. තිත්ථ ජාතකය

එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.

December 30th, 2018|2 Comments

8-14. පටාචාරා තෙරණියගේ කථා වස්තුව

”පටාචාරා... ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනේදී දූ පුතුන් නිසා, මව්පියන් නිසා, ස්වාමියා නිසා හැලූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි. මේ ඉමක් කොණක් නොපෙනෙන අතීතයක් උරුම කරගත් ගමනේදී සෑම සත්වයෙකුම ඔය ඉරණමට මුහුණ දිය යුතුයි. චතුරාර්ය සත්‍යාවබෝධ කරන තුරු මේ ගමනේ අවසානයක් නෑ.”

December 30th, 2018|Comments Off on 8-14. පටාචාරා තෙරණියගේ කථා වස්තුව

8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

ඒ නිසා තමන්ට බැරි යහපත් දෙයක් තව කෙනෙක් කරනවා නම් හොඳම දෙය එය අගය කිරීමයි. එය අගය කරන්නටවත් සිත නැමෙන්නේ නැත්නම් හොඳම දෙය නිශ්ශබ්දව සිටීමයි. එසේ නැති වුණොත් එවැනි දේකට කට දමා අනවශ්‍ය පව් රැස් කරගෙන යන්නට සිදුවුණෝතින් දුක් විඳින්නට සිදුවන්නෙත් තමාටමයි.

December 29th, 2018|Comments Off on 8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව

“නැණවත්ව දැහැන් වඩන එක දවසත් උතුම්” පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිවන් මග පෙන්වා දුන් ආකාරය හරි පුදුමයි. ඒ ශ්‍රාවකයනුත් පෙර සසරේ කරන ලද පින් බලය නිසාම හරි පුදුම විදිහට නිවන් මග දියුණු [...]

December 27th, 2018|Comments Off on 8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වේවා, පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතාම ස්වල්ප පිනක් මට පේනවා......

December 23rd, 2018|1 Comment

8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

“පැටියෝ..... නුඹ බේරුණේ අනූ නවයයි දශම නවයෙන්... නුඹේ අම්මා මළේ නුඹ මව්කුසේ සිටිද්දිමයි. සොහොන්පල්ලා අම්මා අළු වෙනකම් පිච්චුවා. ඒ වෙලාවෙත් නුඹ බේරුණා. ඉන් පස්සේ ඉතුරු දර එකතු කරලා දරුගැබත් ගිනි තිබ්බා. වැදෑමහ විතරක් පිච්චුණා. අපේ රත්තරන් පැටියා බේරුණා.... අපේ පින්වත් පැටියෝ....” කියලා හැමෝම වඩාගෙන සිඹිනවා.

December 23rd, 2018|Comments Off on 8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව
Go to Top