මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

අව්වේ, වැස්‌සේ සිට සියල්ල ප්‍රශ්න කරගත් සමාජයක ජීවත් වන අපේ ජාතියේ සදාතනික උරුමය බවට පත්ව ඇත්තේ නිමක්‌ නොවන ප්‍රශ්නයන්ය. එවන් සමාජයකට ළඟ විසඳුම් මිස දුර දැක්‌මකින් යන ගමනක්‌ නැත. අවසානයේදී එය ජාතියේ ඉරණම"දුර නොබලන, ළඟ බලන සමාජයක්‌ කරා..." තල්ලුකිරීමට සමත් වී තිබේ.

December 18th, 2016|Comments Off on ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

ලෝකය ජයගන්න නිහතමානී වන්න

අසත්පුරුෂයා අවවාදයට කැමැති නෑ. නමුත් සත්පුරුෂයා අවවාදයට කැමැතියි. එහෙම කිව්වා විතරයි මෙයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට සමාවෙන සේක්වා...! මට ඒ අර්හත් මාර්ගය පෙන්වා දෙන සේක්වා...!’ කියලා කිව්වා. අන්න සත්පුරුෂයා. එහෙම නම් සත්පුරුෂයාගේ එක ලක්ෂණයක් තමයි නිහතමානීකම. සත්පුරුෂයෙක් වෙන්න ගොඩක් උපකාර වෙන්නේ මේ සත්පුරුෂ ධර්ම ඉගෙන ගැනීම. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂයෙක් බවට පත්වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්.

December 12th, 2016|Comments Off on ලෝකය ජයගන්න නිහතමානී වන්න

දේව බලය ලංකරගන්න

ජීවිතය පිළිබඳ අනේකවිධ ආකෘතීන් අප විසින් අත්දැක තිබේ. බුදු දහම මිනිසාට මඟ කියා දෙන්නේ සතර අගතියෙන් තොරව සිය ජීවිතය ගෙවන ආකාරයයි. මේ මඟ අනුව සිය ජීවිතය පවත්වාගෙන යැම සඳහා උනන්දුව ඇති කර ගැනීමේ වාසිය එලොව මෙලොව දෙකටමය. එසේ තිබියදී තවමත් අපේ සමාජය විසින් උපතින් ලැබූ මේ දායාදය, සිය දියුණුව පිණිස භාවිතා නොකරන තරමට එහි අගය වටහාගෙන ඇත. මහා දායාදයක් ඔබේ අතට පත්කිරීම සඳහා මේ මාර්ගෝපදේශය ලබාදෙන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය.

December 5th, 2016|4 Comments

තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න

මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොළපාරක් වගේ. සිඳීගෙන යන දොළ පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්. අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

November 27th, 2016|Comments Off on තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න

බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ කඨින පින්කම

බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

November 21st, 2016|Comments Off on බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ කඨින පින්කම

එක බණ පදයෙන් බුදුන් දැකීම 

බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ. අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම ගිලෙනවාද…? තමන් පූරුවෙ වාසනාවකින් බුදු බණ අසන්නට හැකි අවස්‌ථාවක ලැබුණු ජන්මයෙන් ප්‍රයෝජන ගන්නවාද… ? පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ වදාරන ලද මේ දහම් පණිවිඩය ධර්මයෙන් බුදුන් දැකීම උදෙසාය.

November 20th, 2016|3 Comments

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 නොවැම්බර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 20ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]

November 16th, 2016|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 නොවැම්බර්

කවරහුද මේ සක්දෙව් රජාණෝ

දේවාතිදේව වූ ද බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම වූ ද දෙව් මිනිසුන්ගේ එක ම ශාස්තෘන් වහන්සේ වූ ද එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සම්බුද්ධ රාජ්‍යයක් ලෝකයේ බිහි වන්නේ අතිශය කලාතුරකින්. එවන් විරල සම්බුද්ධ [...]

November 14th, 2016|Comments Off on කවරහුද මේ සක්දෙව් රජාණෝ

දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ

අප මේ මිනිස්‌ ලොව ගතකරන මේ ස්‌වල්ප කාලය අපේ ජීවිතයේ එක්‌තරා තීරණාත්මක පරිච්ඡේදයක්‌. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින්ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක්‌ නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්‌. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.

November 12th, 2016|Comments Off on දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ

ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා

වැදගත්ම දේ වෙන්නේ කුඩා දරුවන්ගේ සිත නියමාකාරයෙන් සැකසීමයි. වැඩිහිටියන් සීලය ගැන කතා කරනවා තමයි... නමුත් ඔවුන් කිසිවෙක් කතා කරන්නේ නෑ තෙරුවන ගැන.... අප සරණ ගිය බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් සිහිකළ යුතුයි. ඒ ශ්‍රී සද්ධර්මය නිතර සිහිකළ යුතුයි. ඒ මහ රහතන් වහන්සේලාගෙන් යුතු මාර්ගඵලලාභී සංඝරත්නය අප නිතර සිහි කළ යුතුයි. වැඩිහිටියන් ඉස්සර වෙලාම මේ තැනට එන්නට ඕන. නැතිව කුඩා දරුවන්ව හරිගස්වන්න බැහැ. වැඩිහිටියන් නිවැරදි වුණොත් කුඩා දරුවන් නියම මාර්ගයට ගැනීම ඉතාම ලේසියි.

November 6th, 2016|Comments Off on ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා
Go to Top