බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
විභාගයෙන් සමත් වන්නට පමණක් නොව අභාගයෙන් දුරුවෙන්නටත් අපේ දරුවන්ට තිසරණයෙන් මගක්…
සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් මිසදිටු ආගම් තමන්ගේ ශාස්තෘන් වහන්සේ සිහිකරන්න සුවිසල් මන්දිර හදනවා. අපේ බෞද්ධයන්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පන්සලක් හැදුවොත්, ඒකටත් බනිනවා. මෙච්චර විශාල එකක් බුදුන්ට හදන්නේ ඇයි, කියලා බනිනවා. මේ ගැරහීම ඒ අයගේ විපත්තියට හේතු වෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයට වඳින්න, පුදන්න කියලා, අපි කියනවා. තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියන එක හඳුනානොගත් අයට, මේකට ගරහන්න පුළුවන්.
බුදු ගුණයේ මහා බලය
බුදු ගුණයේ මහා බලය දැනගැනීම ම ජීවිතයේ එලොව මෙලොව දියුණුව පිණිස පවත්නේය. මේ කාරණය ඔබට අත්දැකීමෙන් සනාථ කරගැනීම සඳහා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගිය සතියේ බුදු බලය පිළිබඳව කරුණු දක්වා සිටියහ. ඔදවත් තෙදවත් මිනිසා විසින් තනන සමාජය දිළිඳු නොවන්නේය. පරිහානිකර නොවන්නේය. සිංහල ජාතිය ඔදවත් තෙදවත් කළ හැක්කේ එහි මූලික තැනුම් ඒකකය වූ සිංහලයා ඔදවත් තෙදවත් බවට පත් කිරීමෙනි. තිසරණ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් එක් එක් පුද්ගලයා පිරුණා වේද, ජාතිය නිදිගැට හරින්නේ එතැන් සිටය.
දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය
එදා බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට “තෝ පියා මරපු කෙනෙක්, දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. නිරයට යන්න ලැහැස්ති වෙලා ඉන්න” කියලා, වදාළා නම් මොකද වෙන්නේ. එතැනයි බුද්ධිමත්කම තියෙන්නේ. අද යම් කෙනෙක් ඉන්නවා නම්, පවෙන් තැවී තැවී ඉන්න කෙනෙක්, ඔහුට ඒ පව අමතක කරවලා, ධර්ම මාර්ගයට යොමු කරන එක තමයි භික්ෂූන්ගේ යුතුකම. අකුසලයට පසුතැවීම කියන එක නෙමෙයි ශාසන කාර්යය. ඒ පසුතැවීමෙන් මුදවාගෙන ධර්ම මාර්ගයට යොමු කරවීමයි ධර්මානුකූලව කළ යුතු වන්නේ.
මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි
මළුවට ඇතුළු වූ මොහොතේ සිට බුද්ධානුස්සතියේ යෙදෙන්න ඕනේ. දේවාල වැඳලා පුරුදුවෙලා තියෙන නිසා මහා සෑයත් දේවාලයක් කියලා හිතන්න නරකයි. මේ යන්නේ තමන්ගේ ශාස්තෘවරයාණන් හමුවෙන්න කියලා හිතාගෙනයි යන්න ඕනේ. හොඳින් තිසරණය මත පිහිටා, ගාථා කියලා රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමයි මුලින්ම කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය දියුණු වුණහම මහා සංඝයා විෂයෙහි දානයක් පිරිනමලා ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරනවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. එතකොට දාන, ශීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුන ම සිදු වෙනවා.
පෘථිවියේ පූජනීය ම ස්ථානයේ බලයෙන් ඔබේ ජීවිතය ජයගන්න
මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන් ම තිබිය යුත්තේ තිසරණය සරණ යෑමයි. මාර්ගඵලලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත් වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ගඵලලාභී මගේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. යම් කෙනෙක් තිසරණය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පන්සිල් පද පහ නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයට දැනෙනවා.
ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙහෙර විහාර හදමින්, ත්‍රිපිටකය කටපාඩම් කරගනිමින්, දළදා වහන්සේට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආවතේව කරමින් ආරක්ෂා කර ගත්තේ, මේ ජාතිය යි. ඒ තමයි සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය. අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පිදූ ජාතියක්. ඒ තමයි මේ ජාතියේ විශිෂ්ටත්වය. සිංහල ජාතිය වඳ වුණොත් එහි හානිය මානව වර්ගයාට ම යි. මේ නිසා හැම පැත්තෙන් ම මේ ජාතිය රැකගැනීම අපේ වගකීම යි.
මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි
යුද්ධය පිළිබද ශිෂ්ට නීති පසෙකලූ ඔවුහු මේ පළාත්වාසීන් කීකරු කිරීමේ අවසාන ප්‍රයත්නය වශයෙන් අටළොස් විය ඉක්ම වූ හැම පිරිමියෙක් ම මරා දැමීය. හැම ගෙයක් ම දවා අළු කරන ලෙස ද හැම ගසක් ම කපා බිම හෙලන ලෙස ද කුඹුරු පාළු කරන ලෙස ද ඉඩකඩම් රාජසන්තක කරන ලෙස ද නියෝග කරන ලදී. මේ නියෝග අකුරට ම ක්‍රියාත්මක කරන ලදී. සේනාපති රොබට් බ්‍රවුන්රිග් පෙරදිග ප්‍රබලතම සටනින් ජයග්‍රහණය කළේ ඔය ආකාරයටය.” මේ අය තමයි අපිට අද මානව හිමිකම් ගැන උගන්වන්න එන්නේ…
මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි
එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ජාතියක් ලෙස අපි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. අපේ රටේ සරසවි අධ්‍යාපනය තුළ සිදුකරන්නේ පවතින සම්ප්‍රදායට අභියෝග කිරීමයි. ඒ අය හිතන්නේ, එය තම විචාර බුද්ධියේ වර්ධනීය අවස්ථාවක් බවයි.
017. මාලුත ජාතකය
“මහණෙනි, ඒක මෙහෙමයි වුනේ. ඈත අතීතේ එක්තරා පර්වතයක් පාමුල සිංහයෙකුයි කොටියෙකුයි වාසය කළා. දෙන්නා හොඳ යාළුවෝ. එකම ගල්ලෙනේ වාසය කළේ. ඒ කාලේ බෝධිසත්වයෝත් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතේ පාමුල ම වාසය කළා. දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා."
අමාවැස්ස සදහම් වැඩසටහන – දකුණු කොරියාව
දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.




