කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....
සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 ඔක්තෝබර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-10-13 වප් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 9 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ශ්‍රී [...]
අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය (ඡායාරූප)
මෙම වර්ෂයේ වප් පුරඅටවක යෙදුනු ඔක්තෝබර් මස 05 වන දින අපගේ ලක් දෙරණට ගෞතම සම්බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි කොට මහ මිහිඳු කෘතගුණ පූජා නමින් මහා පුණ්‍ය මංගල්‍යයක් මිහින්තලා පුදබිමේදී පැවැත්වුනා.
අනුබුදු මිහිඳු මාහිමි ධාතු වන්දනා 2019-10-02,03
ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරයෙහි වැඩසිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සිට නැවත මිහින්තලේ රාජමහා විහාරය දක්වා රිය පෙරහැරින් වඩමවන අතරතුර 2019-10-02 දින රාත්‍රියෙහි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි වඩාහිඳුවා සියක් නමකට අධික වූ ගෞරවනීය මහසඟරුවනේ සහ පන්දහසකට අධික වූ සැදැහැවත් ජනයාගේ සහභාගීත්වයෙන් දොළොස් පැයක් පුරා .....
ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23
ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 සැප්තැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.
රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12
‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, හෙතෙම ගිලනුන්ට උපස්ථාන කරන්නේය." (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ) 2019-09-12 දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විණි. මෙම පින්කම උදෙසා දායකත්වය දැක්වූ පින්වත් සරත් සිල්වා...