ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා ඡත්‍ර පූජාවක් ඩුබායිහි දී… (ඡායාරූප)
උඳුවප් පුන් පොහෝ දිනක සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දෙරණට වැඩමවීම අනුස්මරණය කරමින් ඩුබායිහි පිහිටි මහමෙව්නාව පින්බිමේ වැඩ සිටින උතුම් බෝධිරාජයාණන් වහන්සේට සැදැහැ සිත් පෙරටුව අසිරිමත් පුෂ්ප ඡත්‍රයකින් උපහාර පූජාවක් කරන ලදී. මේ උතුම් පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!
පිවිතුරු පැන් පූජා 2019-11-24
බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ඉබ්බාගමුව / මීගහ ඇළ විද්‍යාලයෙහි ඉදිකරන ලද පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍යෝත්සවය.....
ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම
ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
හොරණ අසපුවේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවති දහම් වැඩසටහන
2019 නොවැම්බර් 30 දින හොරණ මහමෙව්නාව භාවනා අසපුවේදී ගැබිණි මව්වරුන් 200 ක් උදෙසා විශේෂ සදහම් වැඩසටහනක් පවත්වන ලදී. ඊට සමගාමීව සෙත් පිරිත් සජ්ඣායනා, දරුවන් කුස තුළදී ම තෙරුවන් සරණෙහි පිහිටුවීම, බිළිඳු දරුවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහිත කට්ටලයක් පිරිනැමීම, සදහම් ග‍්‍රන්ථ පිරිනැමීම සහ පිරිත් පැන් ලබාදීම ද සිදුකරන ලදී.
සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-11-12 ඉල් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,
මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි
මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.






