News

News2016-11-08T10:09:29+05:30
212, 2019

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

By |December 2nd, 2019|Categories: News, නවතම පුවත්|Comments Off on ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

112, 2019

හොරණ අසපුවේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවති දහම් වැඩසටහන

By |December 1st, 2019|Categories: News, නවතම පුවත්|Comments Off on හොරණ අසපුවේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවති දහම් වැඩසටහන

2019 නොවැම්බර් 30 දින හොරණ මහමෙව්නාව භාවනා අසපුවේදී ගැබිණි මව්වරුන් 200 ක් උදෙසා විශේෂ සදහම් වැඩසටහනක් පවත්වන ලදී. ඊට සමගාමීව සෙත් පිරිත් සජ්ඣායනා, දරුවන් කුස තුළදී ම තෙරුවන් සරණෙහි පිහිටුවීම, බිළිඳු දරුවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහිත කට්ටලයක් පිරිනැමීම, සදහම් ග‍්‍රන්ථ පිරිනැමීම සහ පිරිත් පැන් ලබාදීම ද සිදුකරන ලදී.

2511, 2019

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්

By |November 25th, 2019|Categories: News, සදහම් පරිත්‍යාග|Comments Off on සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-11-12 ඉල් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

1311, 2019

මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

By |November 13th, 2019|Categories: News, Special, Special News, මහාවංශය, විශේෂ නිව‍ේදන|Comments Off on මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

1311, 2019

මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

By |November 13th, 2019|Categories: News, Special, මහාවංශය, විශේෂ නිව‍ේදන|Comments Off on මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

2810, 2019

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27

By |October 28th, 2019|Categories: News, නවතම පුවත්|2 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....

Go to Top