News

News2016-11-08T10:09:29+05:30
1205, 2018

දකුණු කොරියා – අන්සාන් අසිරිමත් වෙසක් පින්කම

By |May 12th, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

පින්බර වෙසක් මාසයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයට උපහාර පිණිස අන්සාන් මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කරනු ලැබු අසිරිමත් වෙසක් සදහම් මංගල්‍යය මැයි මස 06 වන දින දී අන්සාන් විදේශ සේවා සුභසාධක මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. විවිධ රටවල බෞද්ධ සංස්කෘතික අංග ඇතුලත් අලංකාර පෙරහැර, කොරියානු ජාතික ස්වාමීන් වහන්සේලා සහ මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් වන්දනා සහ ධර්ම දේශනා, සංගීත් විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් දෙපල හා ඒකාත්මික වූ බැති ගී සරණිය, අලංකාර වෙසක් කූඩු ප්‍රදර්ශනය, ප්‍රයිඩ්රයිස් දන්සැල ආදී නොයෙක් ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් අලංකාර වූ මේ රමණීය පින්කම දෙස් විදෙස් බොහෝ සැදැහැවතුන්ගේ ප්‍රසාදයට බදුන්විය.

205, 2018

සිරි ගෞතම සිරිපා විහාරය සම්බුදු සසුනට පූජා කිරීම

By |May 2nd, 2018|Categories: News, නවතම පුවත්|1 Comment

ශ‍්‍රී ලංකා මාතාවගේ මිණි කිරුළ බඳු වූ සමනොළ ගිරිහිස සුපිහිටි අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් වාම ශ‍්‍රී පාද පද්මය සිහිපත් කරවමින් ඉන්දියාවේ හිමාල ප‍්‍රදේශයෙන් හමු වූ නීල වර්ණ මාණික්‍යමය පාෂාණයක් මත පිහිටුවාලූ ජීවමාන ලෙසින් දිස්වන සිරිපා අනුරුව සහ වසර දෙදහස් ගණනක් ඉපැරණි සෑ රජාණන් වහන්සේ නමකගේ කැණීම්වලදී හමුවූ සිරිපා සලකුණු සහිත මංජුසාවක තැන්පත් ව තිබූ උතුම් ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ලද, කඩුවෙල, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින් බිමේ සිරි ගෞතම සිරිපා මහා විහාරය ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි පළමුවැනි දින පවත්වන්නට යෙදුණු අතර එහිදී සිරි ගෞතම සිරිපා මහා විහාරය නිල වශයෙන් විවෘත කෙරුණේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතිනි.

3004, 2018

අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර

By |April 30th, 2018|Categories: News, නවතම පුවත්|1 Comment

කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිවූ සිරි ගෞතම සිරිපා මහා විහාර මන්දිරයේ තැන්පත් වන අසිරිමත් සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර පිණිස පවත්වන අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර අප්‍රේල් මස 28 සෙනසුරාදා සවස 4.00 සිට කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්විය. අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ මෙම උතුම් පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවිවරුන්ටත්, සිරි ගෞතම සිරිපා විහාරය තනවනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!

2604, 2018

පොල්ගහවෙල අසපුවේ වෙසක් පුන් පොහෝදා වැඩසටහන් පෙළගැස්ම

By |April 26th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on පොල්ගහවෙල අසපුවේ වෙසක් පුන් පොහෝදා වැඩසටහන් පෙළගැස්ම

එළඹෙන වෙසක් පුන් පොහොය දිනයේදී පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සීල භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ පහත පරිදි ය. එමෙන්ම වෙසක් පුන් පොහෝදා සිට මැයි 06 දින දක්වා බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් නිරය සහ දෙව්ලොව පිළිබඳ තොරතුරු විදහා දක්වන විශේෂ නිර්මාණයක් ද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කොට තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම සබැඳිය ඔස්සේ දැනගත හැකිය.

2304, 2018

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් විශේෂාංගය

By |April 23rd, 2018|Categories: News, නවතම පුවත්|3 Comments

මජ්ඣිම නිකායට අයත් මෙම දෙසුමෙහි ඇතුලත් කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ලබාදෙනු පිණිස යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරවන චලන රූපක භාවිතා කරමින් ඉතා අසිරිමත් නිර්මාණයක් එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් ඉදිරිපත් කොට තිබේ. මෙම වෙසක් විශේෂාංගය අප්‍රේල් මස 29 වන දින වෙසක් පුන් පොහෝ දා සිට මැයි මස 06 වන දින දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 9.30 දක්වා එම ශාලාව ඔබ වෙනුවෙන් විවෘතව පවතී.

2004, 2018

සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම

By |April 20th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදුන උතුම් බෝධීන්වහන්සේ නමක් 2018-04-15 වන දින සිඩ්නි නුවර සුපිහිටි මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදිණි. අලංකාර ලෙස සරසන ලද ‍නෞකාවක වඩාහිඳුවා ධජපතාක නැංවූ මගෙහි ‍සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ හේවිසි හා සංඛ නාදයෙන් පුදමින් දර්ශනිය ‍පෙරහැරකින් වැඩම කරවූ බෝධින්වහන්සේ මලින් සැරසු සොඳුරු මණ්ඩපයක තැන්පත් කෙරිණි. අනතුරුව සැදැහැ සිතින් පිළියෙල කල මල්, පහන්, ගිලන්පස ආදී සියලු පුජාවන් පුජාකරමින් සිදුකළ අසිරිමත් බෝධි වන්දනාව බොහෝ දෙනාට පිං ඵල උපදවන්නක් විය.

Go to Top