මොණරාගල අසපුවේ අභිනව බෝධි මණ්ඩපය
මොණරාගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 25 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 24 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.
සදහම් පොත් පරිත්‍යාග – 2018 මාර්තු
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ මාර්තු මාසයේදී ද සදහම් පොත් කට්ටල් 19 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,
ගර්භණි මව්වරුන්ගේ විශේෂ සදහම් වැඩසටහන් පෙළ – 3 වන අදියර
තුන්වන අදියර මාර්තු මස 24 වන දින කොටපොල මොරවක්කෝරලේ තේ සමූපකාර සමිති ශාලාවේදී පැවැත්විය.මොරවක, පස්ගොඩ, උෟරුබොක්ක හා ඒ අවට ප‍්‍රදේශයේ සිටින ගර්භණී මව්වරුන් එහිදී විශේෂයෙන් ඉලක්ක කෙරුණි. මේ සඳහා ගැබිණි මව්වරුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එම මව්වරුන් උතුම් සීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව පැවැත්වීමද සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ විශේෂ දේශනය ද පිරිත් සජ්ඣායනය ද මව්වරුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දීම ද සිදු විය. ඊට අමතරව සෑම මවකටම මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ, සැබෑ බිරිඳ කවුද සදහම් ග්‍රන්ථය මහාමේඝ සදහම් පුවත්පත ද ලබා දීම සිදු විය.
පොතුහැර අසපුවේ අභිනව බෝධි මණ්ඩපය
පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 17 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 16 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.
තායි වන්දනා පාද යාත්‍රා
ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත්කාලයක සිට පවතින සදහම් මිතුදම ශක්තිමත් කරමින් අප ලක්දෙරණේ අසිරිමත් පුණ්‍යභූමීන් වන්දනා කරමින් ලක් දෙරණ සිසාරා පාගමනින් වැඩම කරනා පුණ්‍ය චාරිකාවයි "ධර්ම යාත්‍රා" මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහරහතන් වහන්සේලා 1000 [...]
ගර්භණි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සදහම් වැඩසටහන් පෙළේ දෙවන අදියර
මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයත් හා එකතුව "පින්වන්ත දරුවන් ලබන්නට නම්" යන මැයින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් වන විශේෂ සදහම් වැඩසටහන් පෙළක් මාතර දිස්ත‍්‍රික්කයේ සංවිධානය කර තිබේ. මාතර දිස්ත‍්‍රික්කයේ වාර්ෂිකව 12000 කට අධික ගර්භණී මව්වරුන් පිරිසක් සිටින අතර එම මව්වරුන්ගේ අධ්‍යාත්මය ගුණදහමින් පෝෂණය කිරීමත් කුස තුළ සිටින දරුවන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලබා දීමත් මහා බල ඇති මහා තෙද ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත සීලානුභාව බලයෙන් මව්වරුන්ට සෙත්පතා අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබා දීමත් යන මූලික අරමුණ සහිතව මෙම වැඩසටහන් පෙළ ක‍්‍රියාත්මක වෙයි.