News

News2016-11-08T10:09:29+05:30
2011, 2017

රජරටට ශ්‍රද්ධා සමාරම්භය 2017-11-18 (Photos)

By |November 20th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on රජරටට ශ්‍රද්ධා සමාරම්භය 2017-11-18 (Photos)

භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව රජරට පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය නොවැම්බර් 18 දින අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී පවත්වන්නට යෙදිණි.

711, 2017

කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම

By |November 7th, 2017|Categories: News, නවතම පුවත්|1 Comment

මහියංගණය, බතලයාය මහමෙව්නාව භාවනා අසපුවෙහි අභිනවයෙන් ඉදිකරන ලද කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම පසුගිය නොවැම්බර් 5 වෙනි දින සිදුකෙරිනි. මෙම පින්කමට සමගාමීව පෙර දින, එනම් 4 වෙනි දින රාත්‍රියේ පසුදා පහන්වනතුරු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනක් පවත්වන ලද අතර 5 වන දින දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී. සියල්ලෝම මේ උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

3010, 2017

දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක දිනය

By |October 30th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක දිනය

භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය ඔක්තෝබර් 28 දින මාතර වැලිගම නගර ශාලාවේ දී පවත්වන්නට යෙදිණි.

1610, 2017

බුද්ධගයා බුදුනුවණ අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවය

By |October 16th, 2017|Categories: News, නවතම පුවත්|1 Comment

දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික කඨින පූණ්‍යෝත්සවය තුන්වන වරටත් පසුගිය ඔක්තෝබර් 14, 15 යන දෙදින තුළ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

510, 2017

ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය

By |October 5th, 2017|Categories: News, නවතම පුවත්, පොහොය වර්ණනාව|3 Comments

අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.

310, 2017

මහිංයගණය අසපුවේ බෝධි රෝපණය

By |October 3rd, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on මහිංයගණය අසපුවේ බෝධි රෝපණය

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර මස 28 වන දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 28 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මහියංගණයේ ශ්‍රී මහා සුමන මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම බෝධීන් වහන්සේ‍ෙ රෝපණය කිරීම සිදු විය.

Go to Top