මහාවංශය – දහහත්වෙනි පරිච්ඡේදය
පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයුරින් ඉතා යහපත් ලෙස මග සැලසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයෙහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහට නම් අවසන් කළ හැකිද!