මහාවංශය

සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය

2019-06-16T17:35:09+05:30June 16th, 2019|Special|

මනුජේන්ද්‍ර රජ තෙමේ සියල්ලට පෙර ශ්‍රමණරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්‍රතිමා වහන්සේ නමක් කරවා

Comments Off on සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය

මහාවංශය – දහහත්වෙනි පරිච්ඡේදය

2019-06-14T17:44:58+05:30June 14th, 2019|මහාවංශය|

පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයුරින් ඉතා යහපත් ලෙස මග සැලසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයෙහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහට නම් අවසන් කළ හැකිද!

Comments Off on මහාවංශය – දහහත්වෙනි පරිච්ඡේදය

මහාවංශය – දහසයවෙනි පරිච්ඡේදය

2019-06-13T15:28:27+05:30June 13th, 2019|මහාවංශය|

තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මහත් කීර්තියට පත්වුනා. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදුනා. උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දැක්වූ දෙවියෝත් මිනිස්සුත් බොහෝ පින් රැස්කර ගත්තා.

මහාවංශය – දහහතරවෙනි පරිච්ඡේදය

2019-06-10T21:49:44+05:30June 10th, 2019|මහාවංශය|

අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේදී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුනා. ලංකාවේ රජමැදුරේත්, ඇත් හලේදී යන ස්ථාන දෙකේ දී ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ධර්මය වදාළා. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළා.

මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය

2019-06-07T17:21:30+05:30June 7th, 2019|මහාවංශය|

මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා නිතර නිතර සමවැදීමෙන් වෙන් නොවී සිටි ඒ රහත්ඵල සමාපත්තිය නම් අමා සැපය විඳීම පවා අත්හරිමින් අපගේ රහතන් වහන්සේලා ඒ ඒ රට රාජ්‍යයන්ට වැඩම කොට ලෝක සත්වයාට බොහෝ කල් හිත සුව පිණිස කටයුතු සලසා වදාළා. එනිසා ලෝක සත්වයාට හිත සුව සලසන්ට කව්රු නම් ප්‍රමාද වෙත් ද!

Comments Off on මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය

මහාවංශය – එකොළොස්වෙනි පරිච්ඡේදය

2019-06-05T15:14:00+05:30June 5th, 2019|මහාවංශය|

ධර්මාශෝක නරේන්ද්‍රයාගෙන් ඇසූ වචනයට අනුව තම ස්වාමියාගේ දියුණුව කෙරෙහි ඇලුනු සිත් ඇති ඒ ඇමතිවරු ලංකාවාසීන්ගේ හිතසුව කැමැති දෙවනපෑතිස් රජුන්ව නැවත වතාවක් දඹදිව කෙරෙන ක්ෂත්‍රිය චාරිත්‍ර අනුව අභිෂේක කළා. දේවානම්ප්‍රිය යන උපපදය යුක්ත කොට පවසන, තමන්ගේ ජනයාට සැපය සලසන්නා වූ ඒ රජ්ජුරුවෝ වෙසක් මස පුන් පොහෝ දවසේදී ලංකාවෙහි මහා උත්සවාකාරයෙන් නැවතත් අභිෂේක කළා.

මහාවංශය – දසවෙනි පරිච්ඡේදය

2019-06-03T16:15:53+05:30June 3rd, 2019|මහාවංශය|

පණ්ඩුකාභය රජුටත්, අභය රජුටත් අතර රජෙකුගෙන් හිස්ව ලංකාව පැවති කාලය දාහත් වසරකි. වීරියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ පණ්ඩුකාභය රජතුමා රජකමට පත්වෙන විට වයස තිස් හතයි. රම්‍ය වූ අනුරාධපුරයෙහි සියලු සැපයෙන් සමෘද්ධිමත්ව සැත්තෑ අවුරුද්දක් රාජ්‍යය පාලනය කළා.

මහාවංශය – අටවෙනි පරිච්ඡේදය

2019-06-01T15:24:48+05:30June 1st, 2019|මහාවංශය|

ඒ පිරිසිදු බුද්ධි ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක් ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩුවාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළා. පණ්ඩුවාසුදේව රජ්ජුරුවෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප සෞන්දර්යයෙන් හෙබි භද්දකච්චානා ශාක්‍ය වංශික රාජකන්‍යාව අභිෂේක කළා.

Comments Off on මහාවංශය – අටවෙනි පරිච්ඡේදය

මහාවංශය – සත්වෙනි පරිච්ඡේදය

2019-05-31T14:09:14+05:30May 31st, 2019|මහාවංශය|

මහාවංශයෙහි සත්වෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ විජය කුමරු ලක්දිවට ගොඩබට අවස්ථාවේ සිට රාජාභිෂේකය සිදුවූ අවස්ථාව දක්වා කතා පුවතයි.

මහාවංශය – හයවෙනි පරිච්ඡේදය

2019-05-31T14:07:15+05:30May 31st, 2019|මහාවංශය|

මහාවංශයෙහි සයවෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ සිංහල ජාතියේ ආදිම පුරුෂයා වන විජය රජුගේ උප්පත්ති කතාවත්, එතුමාගේ දෙමාපියන්ගේ ජීවිත කතා පුවතත්, විජය කුමරු ලක්දිවට පැමිණි ආකාරය ගැනත් ය.

Comments Off on මහාවංශය – හයවෙනි පරිච්ඡේදය
Go to Top