July 2019
12-7. දේවදත්ත ගැන කථා වස්තුව
මොහුගේ කතාවට නවක භික්ෂූන් වසඟ වුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් ලාභසත්කාරවලට ඇලී වාසය කරන බවත්, එනිසා ඔහුගේ ශ්‍රාවකයන්ට නිවන් මග ප්‍රමාද බවත්, තමන් විසින් ඉදිරිපත් කළ මේ පංච ප්‍රතිපත්තිය හේතුවෙන් වහ වහා සසර.......
මහාවංශය – විසිහත්වෙනි පරිච්ඡේදය
1. ඊටපසු පරම්පරාවෙන් අස්සවන ලද ඉතා ප්‍රසිද්ධව අසන්ට ලැබුනු කතාවක් ගැන අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ සිත යොමු කළා. එනම්, මහා පින් ඇති, හැමදා පින් ඇති, ප්‍රඥාවෙන් යුක්තව ම තීරණය ගන්නා, 2. ලංකාදීපය තුනුරුවන් කෙරෙහි පැහැද වූ [...]
මහාවංශය – විසිහයවෙනි පරිච්ඡේදය
‘ස්වාමීනී, සංඝයාව සිහි නොකොට මං මිරිස්වැටියක් අනුභව කළා. ඒ වරදට මට දඬුවමක් වේවා! යි කියලා ඉතා මනහර ලෙස චෛත්‍ය සහිතව මිරිසවැටි විහාරය කෙරෙව්වා. අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා! කියලා ඉතා සතුටු සිතින් යුක්තව අතපැන් වක්කරලා භික්ෂු සංඝයා උදෙසා විහාරය පූජා කළා.
මහාවංශය – විසිපස්වෙනි පරිච්ඡේදය
දුටුගැමුණු රජ්ජුරුවෝ තමන්ගේ කඩොල් ඇතා ලවා එළාර රජ්ජුරුවෝ ඔසොවාගෙන හිටිය පර්වත ඇතාට දළෙන් ඇන්නුවා. එළාර රජ්ජුරුවන්ට තෝමරයෙන් දමලා ගැසුවා. එතකොට ඇතාත් සමඟ රජ්ජුරුවෝ ඇදගෙන වැටුනා. දිනාගත් යුද්ධය ඇති, මහා බලසේනා වාහනයන්ගෙන් යුක්ත අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ ලංකාව එකම ඡත්‍රයක් යටතට අරගෙන අනුරාධපුර නගරයට පිවිසියා.
12-6. දේවදත්තගේ කථා වස්තුව
"පාපී ගතිගුණ ඇති, දුස්සීල වූ, ලාභ සත්කාර කෙරෙහි විකෘති ආශාවකින් පෙළුණු මේ දේවදත්තයා අජාසත් කුමරාවත් නොමග යැව්වා. රැවැට්ටුවා. ඒ හේතුවෙන් මහත් වූ ලාභසත්කාරයක් උපද්දවාගත්තා. අජාසත්ව තම පියාව ඝාතනය කරන්නත් පෙළඹෙව්වා."
මහාවංශය – විසිහතරවෙනි පරිච්ඡේදය
ඒ යුද්ධයේ දී තිස්ස කුමාරයාගේ දහස් ගණන් මිනිස්සු යුද්ධ කරද්දී මරණයට පත්වුනා. ඔහුගේ මහා බලය බිඳිලා ගියා. ‘මාගේ පිට උඩින් ස්ත්‍රී සතෙකුව පැන්නුවේ මේ ඇත්ගොව්වාගේ අදක්ෂකම නිසා ය’ කියලා කඩොල් ඇතාට හොඳට ම කේන්ති ගියා. තිස්ස කුමාරයාව බිම වට්ටවන්ට ඇඟ සොලව සොලවා එක්තරා රුකක් වෙත ගියා. තිස්ස කුමාරයා ගහට ගොඩ වුනා. කඩොල් ඇතා තමාගේ ස්වාමියා වන දුටුගැමුණු රජ්ජුරුවෝ ළඟට ගියා. ඇතා පිට නැගපු දුටුගැමුණු රජ්ජුරුවෝ පලායන තිස්ස කුමාරයාගේ පිටිපස්සෙන් පැන්නුවා.






