August 2019
13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය
ඇතැම් විට අපේ ජීවිතයට බැරෑරුම් කරදර සිද්ධ වෙනවා. අපි ගොඩාක් ආදරය කරන අය අනපේක්ෂිත මොහොතක අපෙන් වෙන් වෙනවා. එතකොට අපට දරාගන්න බෑ. සුනාමියක් වගේ ඇවිත් අපිව තනිකරලා අපේ අදරැති හැමෝම....
13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව
බුද්ධ කාලේ ගොඩාක් පින්වන්තයින් ඉපදිලා හිටියා. ඔවුන්ගේ බලවත් පුණ්‍ය මහිමය නිසාම ඉතාම පහසුවෙන් ගිහි ජීවිතය අත්හරින්න පුළුවන් වුණා. ලෞකික බැඳීම සිඳ බිඳ දමන්නට පුළුවන් වුණා. සිල් රැකගන්නත්, සිහි නුවණ....
13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)
ඇත්තෙන්ම මහා මාන්නයකින් සිටි ශාක්‍ය වංශිකයන් වෙනස් වී ගිය අයුරු අපටවත් හිතාගන්න අමාරුයි. අන්තිමේදී හැමෝම වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වුණා. වැඩි පිරිසක් මගඵල ලැබුවා. සසරෙන් එතෙර වෙන....
මහාවංශය – තිස්හත්වෙනි පරිච්ඡේදය
අනුරාධපුරයේ දීඝචන්ද්‍ර නැමැති සෙනෙවිතුමන් විසින් කරවන ලද මහාවිහාර පිරිවෙනේ වැඩවසමින් පැරණි හෙළඅටුවාවල තිබුණු විස්තර මනාකොට සාරය වශයෙන් ගෙන මහානාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද මහාවංශයේ මුල්කොටස ය.
මහාවංශය – තිස්හයවෙනි පරිච්ඡේදය
මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.
මහාවංශය – තිස්පස්වෙනි පරිච්ඡේදය
ඔය ආකාරයෙන් නුවණැති අය අසාර වූ ධනය ලැබ ඒ ධනයෙන් සාරවත් වූ බොහෝ පින් කරගන්නවා. අඥානයා ධනයෙන්, බලයෙන් මුලාවට පත්වෙලා කාමයට ඇදී යනවා. ඒ හේතුවෙන් බොහෝ පව් රැස්කරගන්නවා. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දොළොස් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්පස්වෙනි පරිච්ඡේදය යි.