August 2019
මහාවංශය – තිස්තුන්වෙනි පරිච්ඡේදය
ඉසුරු සම්පත් ලැබුනාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, අනුන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගිජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේ වත් අනුන්ගේවත් යහපත සළසන්නේ නෑ.
July 2019
13-01. පොඩිනම ගැන කථා වස්තුව
පොඩි දරුවන් අතින් නොදැනුවත්කමින් අඩුපාඩු සිදුවෙනවා. පොඩිනමලා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. එතකොට වැඩිහිටියන් කළ යුත්තේ ඒ පොඩි දරුවන්ගේ අනාගතය ගැන සළකා නුවණින් යුතුව අවවාද කිරීමයි. එසේ නොවුණොත් ඒ පොඩි දරුවන්ට දුක හිතෙනවා ....
මහාවංශය – තිස්දෙවෙනි පරිච්ඡේදය
අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ යම් කෙනෙක් කුසල් ම යි උතුම් කියලා පින් කරනවා නම්, පංච ආනන්තරීය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන්ම ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර, අනෙත් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙක් වගේ දෙව්ලොව උපදිනවා. එනිසා නුවණින් යුක්ත තැනැත්තා නිරන්තරයෙන් පින් ම යි කරන්ට ඕනෑ.
096. තේලපත්ත ජාතක කතාව -Thelapattha Jathakaya
ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා. එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි....
12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)
සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා....
මහාවංශය – තිස්එක්වෙනි පරිච්ඡේදය
දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ ඉතා පැහැදිලි ශ්‍රද්ධාවකින්, නොකිළිටි සිතින්, තමන්ගේ උත්සාහයෙන් පින් රැස්කරගෙන සියලු සැපයන්ට වඩා අග්‍ර නිවනම පතාගෙන පින් කරන්ට ඕනෑ. නොයෙක් ආකාරයෙන් පිරිවර ජනයා ලැබීමට හේතු වන අනුන් ලවාත් පිරිසිදු සිතින් පින් කරවන්ට ඕනෑ.






