June 2019
මහාවංශය – දහඅටවෙනි පරිච්ඡේදය
ධර්මාශෝක රජ්ජුරුවෝ නැමැති සූර්යයා තමන්ගේ රශ්මිය නැමැති සම්පත්වලින් බොහෝ සිත්කලු ධජ පතාකයන්ගෙන් මුළු නුවර ම ලස්සනට සරසවලා, ඉතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි පූජාවක් පවත්වලා කුසුමපුරය හෙවත් පාටලීපුත්‍ර නගරය නමැති විලෙහි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සිත් නැමැති පියුම් විකසිත කෙරෙව්වා.
12-4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව
“මයෙ රත්තරන් පුතේ...” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.
සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය
මනුජේන්ද්‍ර රජ තෙමේ සියල්ලට පෙර ශ්‍රමණරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්‍රතිමා වහන්සේ නමක් කරවා
12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
"ඇවැත්නි, අපි මේ දහම් අවවාද ගත්තේ ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙන් බව හොඳට මතක තබාගන්න. අප්‍රමාදීව මහණකම කරන්න” කියලා සඟ පිරිසව බලවත්ව භාවනාවට යොමු කරනවා. තමන් ගිහින් හොඳට නිදා ගන්නවා."
මහාවංශය – දහහත්වෙනි පරිච්ඡේදය
පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයුරින් ඉතා යහපත් ලෙස මග සැලසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයෙහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහට නම් අවසන් කළ හැකිද!
මහාවංශය – දහසයවෙනි පරිච්ඡේදය
තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මහත් කීර්තියට පත්වුනා. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදුනා. උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දැක්වූ දෙවියෝත් මිනිස්සුත් බොහෝ පින් රැස්කර ගත්තා.






