දේශපාලනය තුල සත්පුරුෂ වීමට
අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....
අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....
ඉසුරු සම්පත් ලැබුනාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, අනුන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගිජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේ වත් අනුන්ගේවත් යහපත සළසන්නේ නෑ.
ඔය ආකාරයෙන් දුටුගැමුණු රජ්ජුරුවන් වහන්සේව ආදර්ශයට ගෙන, උතුම් රතනත්‍රයෙහි පහන් සිතින් යුක්තවූ බුද්ධිමත් මනුෂ්‍යයා දානාදී පින්කම් කිරීම පිණිස, ත්‍යාගයට යොමු වූ සිතින් යුක්ත විය යුතුයි. ලෝකයාගේ මෙලොව පරලොව දෙකෙහි යහපත උදාකරදීම උතුම් ම දෙය බව අවබෝධ කරගෙන, ශ්‍රද්ධාදී නොයෙක් උතුම් ගුණධර්මයන්ට ඇළුම් කරන්ට ඕනෑ.
ශරීරයට ලැබෙන ඉවසිය නොහැකි පීඩාවන් පවා මෙනෙහි නොකොට පහන් සිතින් රැස්කළ පින් බලයෙන් යුතු දුටුගැමුණු රජ්ජුරුවන්ට මහාසෑය කරවන්ට පින් බලයෙන් වස්තුව ලැබුනු අයුරු සිහිකොට සැප ලබාදෙන පින් ම යි සිය ගණන් කරන්ට ඕනෑ. එනිසා අපිත් පහන් සිතින් යුක්තව පින් ම යි කරන්ට ඕනෑ.
1. ඊටපසු පරම්පරාවෙන් අස්සවන ලද ඉතා ප්‍රසිද්ධව අසන්ට ලැබුනු කතාවක් ගැන අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ සිත […]
‘ස්වාමීනී, සංඝයාව සිහි නොකොට මං මිරිස්වැටියක් අනුභව කළා. ඒ වරදට මට දඬුවමක් වේවා! යි කියලා ඉතා මනහර ලෙස චෛත්‍ය සහිතව මිරිසවැටි විහාරය කෙරෙව්වා. අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා! කියලා ඉතා සතුටු සිතින් යුක්තව අතපැන් වක්කරලා භික්ෂු සංඝයා උදෙසා විහාරය පූජා කළා.
ගැමුණු කුමාරයා ක්‍රමයෙන් වැඩෙද්දී වයස අවුරුදු දහසයක් වුනා. පිනෙන්, යසපිරිවරින්, ධෛර්ය සම්පන්න බවින්, තේජෝබල පරාක්‍රමයෙන් යුක්ත වුනා. සත්වයෝ නොයෙක් අයුරින් සැලෙන ඉතා ඉතා සැලෙන උත්පත්තිගති ස්වභාවයෙන් යුක්තයි. තමන් තමන් රැස්කරන්නා වූ පුණ්‍ය බලයෙන් සාමණේරයන් වහන්සේ මැනවින් සිත පිහිටුවා ගෙන යළි මිනිස් ලොව මනා ස්වභාවයෙන් උපන් අයුරින් කැමැති පරිදි උතුම් උපතකට යන්ට පුළුවනි. ඔය විදිහට නුවණින් කල්පනා කරන බුද්ධිමත් කෙනා මහත් ආදරයෙන් යුක්තව පින් රැස් කරගන්ට ඕනෑ.
සොළී රටේ ඉඳන් රාජ්‍යය අල්ලාගන්ට මේ ලංකාවට ආපු ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළෙක් අසේල රජ්ජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා. ඔහු හතළිස් හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා. එළාර රජ්ජුරුවෝ නඩු විසඳන අවස්ථාවේදී සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව තීන්දු දුන්නා. රජ්ජුරුවෝ තමන් සැතපෙන ඇඳට ඉහළින් ඉතා දිග ලණුවක් ඇතිව ඝණ්ඨාරයක් එල්ලා තිබුණා. ඒ සාධාරණ විනිශ්චය කැමති අයට නාද කරනු පිණිසයි.
උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා. වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.
අපගේ ජය ශ්‍රී මහා බෝධිද්‍රමරාජයාණන් වහන්සේ නොයෙක් ආශ්චර්යයන්ගෙන් යුක්තව ලංකාවාසීන්ගේ හිතසුව පිණිස, බුද්ධ ශාසනයේ දියුණුව පිණිස ලංකාදීපයේ රම්‍ය වූ මහමෙව්නා උයනේ බොහෝ කල් සුවසේ වැඩ වසන සේක. මේ ලංකාද්වීපයෙහි රජදරුවෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නිතර ම පූජා සත්කාර පවත්වනවා නම් සතුරන්ට ඔවුන්ව පෙළන්ට ලැබෙන්නේ නෑ. ඒක අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මහිමය යි!