August 2019
මහාවංශය – තිස්හත්වෙනි පරිච්ඡේදය
අනුරාධපුරයේ දීඝචන්ද්‍ර නැමැති සෙනෙවිතුමන් විසින් කරවන ලද මහාවිහාර පිරිවෙනේ වැඩවසමින් පැරණි හෙළඅටුවාවල තිබුණු විස්තර මනාකොට සාරය වශයෙන් ගෙන මහානාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද මහාවංශයේ මුල්කොටස ය.
මහාවංශය – තිස්හයවෙනි පරිච්ඡේදය
මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.
මහාවංශය – තිස්පස්වෙනි පරිච්ඡේදය
ඔය ආකාරයෙන් නුවණැති අය අසාර වූ ධනය ලැබ ඒ ධනයෙන් සාරවත් වූ බොහෝ පින් කරගන්නවා. අඥානයා ධනයෙන්, බලයෙන් මුලාවට පත්වෙලා කාමයට ඇදී යනවා. ඒ හේතුවෙන් බොහෝ පව් රැස්කරගන්නවා. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දොළොස් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්පස්වෙනි පරිච්ඡේදය යි.
මහාවංශය – තිස්හතරවෙනි පරිච්ඡේදය
ඔය ආකාරයෙන් මහාදාඨිකමහානාග රජ්ජුරුවෝ වගේ යහපත් නුවණක් ඇති අය බොහෝ සම්පත් ලබාගෙන ඒ ඉසුරුවලින් මත්නොවී, ප්‍රමාදයටත් පත්නොවී, අධික කාමපිපාසා දුරුකරගෙන, ජනයා පීඩාවට පත්නොකොට, පින්කම්වල ඇලී වාසය කරමින් විවිධ වූ බොහෝ පින්කම් මනා පහන් සිතින් යුක්තව ම කරන්ට ඕනෑ.
042. කපෝතක ජාතකය- kapothaka jaathakaya
කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතු.....
මහාවංශය – තිස්තුන්වෙනි පරිච්ඡේදය
ඉසුරු සම්පත් ලැබුනාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, අනුන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගිජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේ වත් අනුන්ගේවත් යහපත සළසන්නේ නෑ.






