February 2019
9-12. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව
"හොඳයි! තෝ මෙතනම නිදාගන්...! කියලා ලොකු පිදුරු මිටියක් අරගෙන ඇවිත් ගොනාගේ සිරුර පුරාම දාලා ගිනි තිබ්බා. ගොනා එතනම මළා. ගොවියට දැන් හරි සතුටුයි. සතාට යස දඬුවමක් දුන්නා කියලා හිතුවා. මරණින් මත්තේ මොහු නිරයේ උපන්නා. එහි ඉතුරු විපාක හැටියට කපුටු ආත්මයේ සත් වතාවක් ඔය විදිහට අහසේම ගිනි අරගෙන මැරුණා."
9-11. මණිකාරකුළුපගතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
"ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ නිසා රෝගාතුර වුණා. සුළු දිනකින් පිරිනිවන් පෑවා. කොස්වා ලිහිණියා මියගොස් උපන්නේ එම බිරිඳගේ කුසෙහි මිනිස් දරුවෙක් වෙලයි. ටික කලකින් මැණික් කරුවා මියගොස් නිරයේ උපන්නා. බිරිඳ මියගොස් දෙවියන් අතර උපන්නා."
9-10. කෝක නම් බලුවැද්දාගේ කථා වස්තුව
"උන්වහන්සේ කලබල වෙලා ගහ උඩ දඟලද්දී පෙරවූ සිවුර ගැලවී වැද්දාගේ හිස මත වැටුණා. වැද්දා හිසේ සිට සිවුරෙන් වැසී ගියා. බල්ලන් සිතුවේ භික්ෂුව ගහෙන් බිමට වැටුණු බවයි. වැද්දා වටකරගත් කීන බල්ලන් ‘පටත් පටත්’ අනුකරණයෙන් වැද්දාව හපන්න පටන් ගත්තා. තම දඩයම් බල්ලන්ගේ ප්‍රහාරයට ලක් වූ වැද්දා එතනම මිය ගියා."
9-9. කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේ රුක් සෙවණේ වැඩසිටිනවා දැක්කා. ‘හරි... එහෙනම් ඒක මුන්දැගෙ වැඩක්! ආයෙමත් නොකරන්න මං උගන්වන්නම් පාඩමක්’ කියලා දුනු ඊතල එළියට ඇද්දා. එච්චරයි. ඔහුට අතපය සොළවන්න බැරිව ගියා. ඇඟ ගල් ගැහිලා ගියා. කිසි දෙයක් කරගන්න බැහැ. දාඩිය ගලනවා. කටින් කෙළ බේරෙනවා. නමුත් සෙළවෙන්න බැහැ."
032. නච්ච ජාතකය
එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25
“නිදකිං විතරක්!... මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා. “මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හනිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ....