February 2019
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24
වෙසක් පොහෝ දවසක හැන්දෑ ජාමේ අපේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදිය අසබඩ ජය සිරි මහබෝ සෙවනේ වජිරාසනය මත වාඩිවුනා නොවැ. මහා අධිෂ්ඨානයක් ගත්තා. නිවන් අවබෝධ නොකොට නැගිටින්නේ ම නෑ කියා සිතට ගත්තා. ආන්න එතකොටයි මාරයා ගැස්සුනේ. උන්දෑ කලබල වුනා....
9-3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව
“ඈ... ලාජා! තවත් දොඩන්න එනවද? ඔය විදිහට වත් කරන්න ගියොත් රට්ටු මොනවා කියයිද? එතකොට ආර්ය සංඝයා කෙරෙහි කවුරුන් හෝ කළකිරුණොත්, කළකිරී දොස් කිව්වොත් එයින් පව් සිදුවෙනවා නේද? අන් උදවිය කෙරෙහි අනුකම්පාවක් නැද්ද? ඒ නිසා මෙතැන් පටන් මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි! හ්ම්...! දැන් යනවා....”
9-2. සෙය්‍යසක තෙරුන්ගේ කථා වස්තුව
"ඒ තෙරුන් වහන්සේ සංඝයාට අනුශාසනා කිරීම පිණිස කිසිසේත්ම සුදුසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ තෙරුන්ගෙන් අවවාද ගන්නට ගිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමාරුවේ වැටුණා. අදට වුණත් නුසුදුසු කෙනෙකුගෙන් අවවාද ගන්නට ගියොත් අමාරුවේ වැටෙනවා. නරක වැඩක් වුණත් රහසේ කරන්න කියා උපදෙස් ලැබේවි."
030. මුනික ජාතකය
ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 23
මං ඉතාම ආදර ගෞරවයෙන් බණ අසද්දී මේ නාගරජ්ජුරුවෝ මගේ සිත රාගයට පොළඹවා ගන්ට නොයේක් කරුණු කීවා. නමුත් මං මයෙ සිත කය වචනය යන තුන්දොර ම මෙයැයිගේ සරාගී කතාවට යොමු නොකොට, ආසා නොකොට ධර්මයට ම ආසා කළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන්.....
January 2019
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (12 කොටස)
මෙසේ ශ්‍රී මුඛ සම්බුද්ධ භාෂිතය තුළ ම ආජානීය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ මධ්‍ය දේශයේ පමණක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එමෙන්ම එම මධ්‍ය දේශයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක. “මහ බෝ මැඩට පෙරදිගින් කජංගල නම් නියම් ගමකි.....






