October 2018
සිරිලක එකළු කළ අසිරිමත් පහන් ටැඹ
ඔබ මේ ගැන සිතුවෙහි ද? යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් ගැන නොදන්නෙහි නම්, උතුම් බුදුවදනක් අසාත් නැතිනම්, සඟරුවනක් දැකීම තබා සිවුරක්වත් දැක නැත්නම්, මහාසෑයක්, බෝධීන් වහන්සේ නමක් දැක නැත්නම්, කුසල් - අකුසල්, පින් - පව් කියා දෙයක් අසා නොමැති නම්, කොටින් ම කිසි බණපදයක් නොඅසා ඇත්නම් මේ වන විට ඔබ කෙබඳු කෙනෙක් ද? කියා මොහොතක් සිතන්න. එසේ වූයේ නම් මේ සිතෙහි ඇති රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් සමග පමණක් එක් වූ තිසරණ රහිත ජීවිතය තිරිසන් සමාන ය.
භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සිටිමු
ඒ නිසා පින්වත් මහණෙනි, ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වා ගත් දොරටුවලින් යුක්තව ඉන්න. ඇසින් රූප දැක කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස නමැති ඉන්ද්‍රිය රැකගන්න. ඇස නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.
6-10,11. බණ ඇසූවන්ගේ කථා වස්තුව
"ඒ සැවැත් නුවර හිටපු අය බණ අහන්න ගියේ කොතරම් ආසාවෙන්ද? නමුත් තමුන්වත් දන්නෙ නෑ තමුන් එතනින් විසි වෙලා ගිය හැටි. අන්න ඒකට තමයි පින්වල වෙනස කියලා කියන්නේ. ඔවුන්ට පින් මදිව තිබුණා. පින තිබුණු අයට පුළුවන් වුණා හිතේ අවුලට වෙනස් නොවී ඉන්න. පින මදි කෙනා සිතේ අවුලට යට වුණා. මේ නිසා තමයි මේ වෙනස්කම ඇතිවුණේ. මාර සෙනඟට වුනත් ඒ පිරිසව ආයෙමත් සසරට ඇදලා දාන්න පුළුවන් වුනේ ඒ නිසයි."
6-9. ධම්මික තෙරුන්ගේ කථා වස්තුව
“ භික්ෂූන් වහන්සේලා මේ වාසනාවන්ත පවුල ගැන කතා බස් වුණා. ඇවැත්නි, ධම්මික උපාසක හරිම පින්වතෙක්. ඔහුටත් කරදරයක් නැතුව මහණ වෙන්න පුළුවන් වුණා. ඒ මහණකමත් සාර්ථකයි. පුතාත් මහණ කරගන්න පුළුවන් වුනා. පුතාගේ පැවිද්දත් සාර්ථකයි. බිරිඳත් මහණ වුණා. ඇයගේ පැවිද්දත් සාර්ථකයි. මුළු පවුලම නිවන් දැක්කා නෙව. මේක පුදුම වාසනාවක්නේ....”
September 2018
6-8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව
“අනේ බලන්න ඇවැත්නි, අපේ පන්සීයක් භික්ෂූන් වහන්සේලා කිසිම දානමානයක් නැතුව වේරඤ්ජාවේ ඉතාම නිශ්ශබ්දව වැඩසිටියා. මෙහෙ වැඩියට පස්සෙත් මෙතරම් ප්‍රණීත දානමාන ලැබිලත් ඒ නිහඬ බවින්ම වැඩඉන්නවා. මේ කොළුගැටව් එහෙම නෙවෙයි. වේරඤ්ජාවෙ ඉන්දැද්දී පූස් පැටව් වගේ හිටියා. ඉන්නවද කියලා හොයාගන්න බෑ. දැන් මේ බත් පොඞ්ඩක් කාලා සැවැත් නුවර එක දෙක කරනවා. හරිම පුදුමයි.”
6-7. කාණමාතාවගේ කථා වස්තුව
“අනේ හැබෑට... වයසක උන්නාන්සේලා හතර දෙනෙක් කැවුම්වලට ආස කරන්න ගිහින් වෙච්ච හදියක්! අපූරුවට හිටපු කාණාවගේ ජීවිතය අවුල් කළා! ඇගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වැඩහිටියා... සම්බුදු මහිමය නිසා ඇයට ශ්‍රද්ධාලාභය ලැබුණා. දැන් ගඟ ගලන්නැහේ ඇය දන් පුදනවා. භික්ෂු, භික්ෂුණීන් හිතුමනාපේ දන් වළඳනවා. සම්බුදු ගුණය නම් ඒකාන්තයෙන්ම ආශ්චර්යයි!”






