September 2018
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (5 කොටස)
භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 29
මේ අසදෘශ මහා දානේ ගැනත් කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. එ්කාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ.
August 2018
උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කරන ගාථා
මෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ යන උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කිරීම පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ගාථා සහ එ්වායෙහි අර්ථ පද්‍යයන් ලෙසින් ඇතුලත් වේ. ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ තබාගැනීම සඳහා හෝ මුද්‍රණය කරගැනීම සඳහා මනරම් ලෙස සැකසූ පිටපතක් භාගත කරගැනීමේ පහසුකම ද මෙහි සලසා තිබේ.
මහාවංශය යනු සත්‍ය අතීත කථාවකි
මෙසේ දේවානම්පිය යනු මිථ්‍යා නමක් බවට එවකට ඉන්දීය බ්‍රාහ්මණ පඬිවරයන් කියා සිටිද්දී බොහෝ යුරෝපීය පඬිවරුන්ට ද මෙකරුණ සොයාගත නොහැකිව සිටිද්දී මෙම ගැටලුව විසඳාගන්නට හැකි වූයේ දීපවංශයට හා මහාවංශයට පින් සිදු වන්නට ය. එනිසා එකල සිටි මධ්‍යස්ථ උගත් පඬිවරු ලංකාවේ වංශකථාවලට මහත් සේ ගෞරව කරන්නට වූහ.
July 2018
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (4 කොටස)
ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උතුම් බුද්ධගයා පින්බිමේදී විජය ශ්‍රී බෝධි මූලයේදී ය. එකල මගධ රාජ්‍යයට අයත් වූ බුද්ධගයාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ ගයා නගරයේ සිට දකුණු දෙසට කි.මී.16ක් පමණ දුරින් පිහිටා තිබේ.