Blog

Blog2016-11-08T10:09:37+05:30

December 2017

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

By |December 27th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

එතකොට පුතේ ඒ දෙවිවරු තුන්දෙනා මූණට මූණ බලාගත්තා. තුන්දෙනාට ම තමුන්නේ පූරුවෙ ආත්මේ මතක් වුනා. තමන්ගෙන් බණ ඇසූ ගෝපිකාවෝ දැන් පිරිමි ආත්මයකුත් ලබලා, සක්දෙවිඳුගේ පුත් තනතුරේත් ඉපදිලා, සෝවාන් ඵලයටත් පත්වෙලා, දෙව්ලොව කාමයටත් නොඇලී ධර්මය ම මෙනෙහි කරනවා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

6-3. ඡන්න තෙරුන්ගේ කථා වස්තුව

By |December 25th, 2017|Categories: 06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හප්පේ....! එදා මගේ ඇඟේ හිරිගඬු පිපුණා... ඕන දෙයක් වුණාවේ කියලා තමයි මාත් පිටත් වුණේ. මුළු ලෝකයක්ම නිදා සිටිය වෙලාවේ.... අහස පොළොව හැම දෙයක්ම නිහඬ වෙලාවේ.... හරි අසිරිමත් දෙයක් වුණා. අශ්පයාගේ කුර සද්දයවත් ඇහුනෙ නෑ! අනෝමා නදියේ දිය සිඳිලා තිබුණේ... අපි කරදරයක් නැතුව එතෙර වුණා... අපගේ ආර්ය පුත්‍රයන් වහන්සේ වෙන් වෙද්දී මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා... කන්ථක අශ්වයා හේසරාව කරමින් වැළපෙන්න පටන් ගත්තා. එදා තමුන්නාන්සේලා කොහෙද හිටියේ?

Comments Off on 6-3. ඡන්න තෙරුන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

By |December 20th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

“අනේ මයෙ බුදු අයියණ්ඩි... මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට කියා වැඳ වැඳ උන්නා. ඒත් මේ පවිටා හදන්නේ පුතේ තමුන්නේ නඟාව මරන්ට ම යි. අන්තිමේ ඈ මෙහෙම හිතුවා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

November 2017

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.

By |November 2nd, 2017|Categories: දහම් ලිපි සරණිය|

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න. මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි.

August 2017

මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහන

By |August 23rd, 2017|Categories: Special News|

වර්තමානයේ බොහෝ දෙනෙක් ගත කරන්නේ සංකීර්ණ සමාජයක කාර්යබහුල ජීවිතයක්. සතියක නිවාඩුවක් ලබාගෙන විවේකී පරිසරයක ධර්මය ඉගෙන ගනිමින් භාවනා කිරීමට ඔබත් කැමති ද? මේ වන තෙක් සති භාවනා වැඩසටහන පැවැත්වුනේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පමණයි. [...]

Comments Off on මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහන

කිරිමුත්තා කිව්වා මෙසේ….

By |August 21st, 2017|Categories: දහම් ලිපි සරණිය|

තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා.

Go to Top