July 2015
රැස් කරනා පින එයි පසු පස්සේ…
දේවයන් වහන්ස, අපේ මන්තරය මේකයි. අපි සත්තු මරන්නෙ නෑ. සොරකම් කරන්නෙ නෑ. සිය බිරින්දෑවරුන්ගෙන් පමණයි සතුටු වෙන්නේ. බොරු කියන්නෙත් නෑ. සුරාව බොන්නෙත් නෑ.
ඇසළ පුන් පොහෝ දිනය
අප භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකායෙහි වඩිමින් බරණැස ඉසිපතන මිගදායට වැඩි සේක. එය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයකය. භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිද්දීම පස්වග ශ‍්‍රමණවරු උන්වහන්සේ ගැන නොසැලකිලිමත් වූහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සත්‍යයෙහි පිහිටා එකල පවා සත්‍ය වචනයෙන් පමණක් කතා කළ බව පැවසීමෙන් පසු ඔවුහු ධර්ම ශ‍්‍රවණයට සූදානම් වූහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඇසළ සඳ නැගී ආ ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහිදී අමා බෙරය වැයූ සේක.
दिया बुझ गया !!! – දියා බුඣ ගයා !!! – පහන නිවිල ගියා !!!
दिया बुझ गया !!! - දියා බුඣ ගයා !!! - පහන නිවිල ගියා !!! अंधेरे में हम रहते थे - भगवान की धरती में अंधेरे में हम रहते थे - भगवान की धरती में [...]
බුද්ධගයාව එකලු කළ සොඳුරු පහන් එළිය කිමද මෙතරම් හනික නිව්නේ….!
මගේ බුදු පුතුනි, ඔවදනට හිස නමා දහමට සිත නමා අප භගවත් මුනිඳුගේ බුදු සසුන එළිය කරන්නට පහනක් වූ ඔබ මෙතරම් ම හනික කිම නිවුනේ? මගේ සෙවනේ නිබඳ දැවටුන බුදු පුතුනි, බියකරුය මේ සසර... එතෙර වෙයන් පුතුනි වහා මේ ගොරතර සසරින් මේ ගෞතම බුදු සසුනේ ම!
4-8,9. ඡත්තපාණී උපාසකයාගේ කථා වස්තුව
පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් ග‍්‍රහණය කරගන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිතව තියෙනවා වගෙයි.
ජරා මරණ
ඔය විදිහට උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා අායෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා දානවා.





