Blog

Blog2016-11-08T10:09:37+05:30

June 2015

4-6. මච්ඡරිය කෝසිය සිටාණන්ගේ කථා වස්තුව

By |June 28th, 2015|Categories: 04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වත් මහණෙනි, භික්ෂුවක් කටයුතු කරන්නට ඕන ඔය විදිහටයි. දායකයින්ගේ ශ‍්‍රද්ධාවට හානි කරන්නේ නැතුව ඔවුන්ගේ භෝග සම්පත්වලටත් හානි කරන්නේ නැතුව ඔවුන්ගේ පවුල් පීඩාවට පත්කරන්නෙත් නැතුව කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. මලකින් රොන් ගන්නා බඹරෙක් වගෙයි කටයුතු කළ යුත්තේ.

සත්පුරුෂයින් බවට පත්වෙමු

By |June 26th, 2015|Categories: Uncategorized|

සත්පුරුෂයා මේ විදිහට සත්පුරුෂ ගතිගුණවලින් යුක්තවෙලා, කය බිඳී මරණින් මතු යම් තැනක සත්පුරුෂයන්ගේ උපතක් ඇද්ද, අන්න එතනයි උපදින්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයන් උපදින්නේ කොහේද? ආනුභාව සම්පන්න දිව්‍යත්වයක් හෝ ලැබෙනවා. ආනුභාව සම්පන්න මනුෂ්‍ය ආත්මභාවයක් හෝ ලැබෙනවා.

Comments Off on සත්පුරුෂයින් බවට පත්වෙමු

දෛවයේ සරදම

By |June 24th, 2015|Categories: මණිමේඛලා|

උත්පලා.... අනේ අක්කණ්ඩි.... කෝ මෙහාට පැමිණෙන්නකෝ... මා මෙතන අසුන් ගන්නම්. අද උදෑසන පටන් මගේ හිස කසනවා. උකුණන්ගෙන් තමයි මේ හිරිහැර. අනේ අක්කණ්ඩි... මට උදව් කරන්න. මේ උකුණන් බලනවාද?” උත්පලා කොක්හඬලා සිනාසුණාය. ඈ වසුන්දරා දෙස ආදරයෙන් [...]

Comments Off on දෛවයේ සරදම

4-5. පතිපූජිකාවගේ කථා වස්තුව

By |June 22nd, 2015|Categories: 04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මල්කාරයෙක් මල් රැස් කරනවා වගේ කම් සැපයම සොයන කෙනා එ් ගැනමයි කල්පනා කර කර ඉන්නේ. මල්කාරයත් එහෙමයි නෙ. ඔහු සිතන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයමයි කල්පනා කර කර ඉන්නේ. රැස් කරන්නෙත් එ්වාමයි. කාමයට ඇළුණු මිනිසාත් එ් ගැනමයි සිත සිතා ඉන්නේ.

අසිරිමත්ය ඒ භාග්‍යවතාණෝ….

By |June 21st, 2015|Categories: Uncategorized|

උපන් සැණින් සම වූ පාවලින් බිම සිටගන්නවා. උතුරු දෙසට මුහුණලා පියවර සතක් ඇවිද යනවා. අභීත වූ වචනයක් කියනවා. ‘මම ලොවට අග‍්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මේ අන්තිම ආත්ම භාවයයි. නැවත දැන් පුනර්භවයක් නැතැ’යි කියලා.

Comments Off on අසිරිමත්ය ඒ භාග්‍යවතාණෝ….

උගුල සිඳෙයි

By |June 19th, 2015|Categories: දහම් ලිපි සරණිය, මණිමේඛලා|

විමලා අපේක්ෂිත උද්‍යෝගය මෙම පුරුෂයාගෙන් නොලැබේ. ඇයට තවදුරටත් ඉවසන්නට නොහැකි විය. ඈ තව තවත් උමතු වූවා ය. උරහිස මත දවටා තිබූ දුහුල් සළුව සිරුරෙන් මෑත් කොට උඩට වීසි කරමින් සිනහ නැගුවා ය. ලාලිත්‍යයකින් යුතුව ඔබමොබ ගමන් කළා ය. දෑත් පිටුපසට යවා තනපට වෙළුම් ගැටය මුදාහැරියා ය. උඩුකය නිරාවරණය කරගත් ඈ සරාගී බැල්මෙන් යුතුව නටමින් ඇවිද්දා ය.

Comments Off on උගුල සිඳෙයි
Go to Top