Blog

Blog2016-11-08T10:09:37+05:30

March 2015

3-10. නන්ද ගොපල්ලාගේ කථා වස්තුව

By |March 30th, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

සමහර කෙනෙක් තමන්ගේ සිත ගැන කිසිම සැලකිල්ලක් නැහැ. සිත කිලුටු වෙනවා. ගණන් ගන්නෙ නැහැ. සිත කිලුටු වීමේ අනතුර ගැන නුවණින් කල්පනා කරන්නෙ නැහැ. එ් කිලුටු සිත නිසා තමන්ගේ කය, වචනය තුළිනුත් අකුසල් රැස්වෙන බවත් කල්පනා කරන්නෙ නැහැ. මෙනිසාම සිත කිලුටු වෙද්දි කිලුටු වෙද්දි තවදුරටත් එ් කිලුට වැඩිවෙන විදිහටම හිතනවා.

3-9. පූතිගත්තතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

By |March 22nd, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ටික කලක් යද්දී උන්වහන්සේ අසනීප වුණා. ශරීරය පුරා ගෙඩි හටගත්තා. ඒ ගෙඩි ලොකු වුණා. වණ වුණා. පුපුරලා සැරව ගැලුවා. පොරවාගෙන සිටි සිවුර එ් සැරව නිසා ඇඟට ඇලුණා. උන්වහන්සේ මහා වේදනාවෙන් යුතුව කෙඳිරි ගගා ඇඳේ වැතිර සිටියා. දිනක් කුටි චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුටිය ළඟට වැඩියා. නැවතුණා. කෙඳිරිලි හඬ අසාගෙන හිටියා.

3-8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

By |March 13th, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

සිත රැකගන්නට ඕන නගරයක් ආරක්ෂා කරගන්නවා වගෙයි. නගරයක දිය අගල් තියෙනවා. ප්‍රධාන දොරටු තියෙනවා. ප්‍රාකාර තියෙනවා. එ් ප්‍රාකාර මත ආරක්ෂක අට්ටාල තියෙනවා. සතුරන්ට එකවරම ඇතුළට එන්නට පුළුවන් කමක් නෑ. එ් දොරටුවල ඉතාම සිහි නුවණ ඇති දොරටුපාලයන් ඉන්නවා. හොඳින් හොයලා බලලා තමයි කෙනෙක්ව නගරය ඇතුළට ගන්නේ.

3-6,7. චිත්තහත්ථ තෙරුන්ගේ කථා වස්තුව

By |March 8th, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි... දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද...? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා.

7. The Sunikkhitta Chapter

By |March 8th, 2015|Categories: VIMANAVATTHU|

One day at midnight Prince Siddhartha renounced the palace-life in order to seek enlightenment. He touched my thigh with his soft flexible hands and copper-colored nails. While touching my thigh he told me, “My friend, I am going to achieve enlightenment and after I have attained it, I will help others in the world to cross over this samsara.

Comments Off on 7. The Sunikkhitta Chapter

3-5. භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථා වස්තුව

By |March 4th, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පොඩි නමට ගොඩාක් දුක හිතුණා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා. ‘මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ. මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති.

Go to Top