February 2015
2-1,2,3. සාමාවතිය හා මාගන්දියාගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙම ගාථාවන් තුළින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ අප්‍රමාදයේ වටිනාකම ගැනත්, ප්‍රමාදයෙහි භයානකකමත්ය. අප්‍රමාදය කියන්නෙ තමන්ගේ ජීවිතය මුළුමනින්ම ධර්මයට කැප කිරීමටයි. ඒ කියන්නේ තමන් ඉතා සිහියෙන් යුතුව ඉන්නවා. නුවණින් විමසනවා. කයින් සිදුවෙන අකුසල් දුරුකරනවා. වචනයෙනුත් අකුසල් කරන්නෙ නෑ. සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. සිතෙන් අකුසල් සිදුවෙන්නට ඉඩ තියන්නෙ නෑ. වියලුන තණ කොළ ගොඩකට ගිනි පුපුරක් වැටුණොත් ඉක්මනින් ඇවිලෙනවා. අසංවර හිතත් ඒ වගේ. අකුසල් හටගත්තු ගමන් ඒ අකුසල්වලට යට වෙනවා. නමුත් තණ කොළ ගොඩට ගිනි පුපුර වැටුණ ගමන් අතින් පයින් ගසා වහා කලබලයෙන් නිවා දමනවා වගේ අප්‍රමාදී කෙනා තමා තුළ අකුසල් හටගත් සැණින්, දුරුකරනවා. අකුසල්වලට බිය වෙනවා. ඒ කෙනා තමයි ජීවිතය ජයගන්නෙ. ඒ කෙනා තමයි යළි යළි ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වන්නෙ. ඒ කෙනා තමයි නිවන් අවබෝධ කරන්නෙ.
January 2015
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම (2015/01/04)
අනාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධතයෙන් නවමසක් ඉක්ම ගිය ඒ පින්බර දුරුතු පුන්පොහෝ දිනයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණෝ ප්‍රථම වරට මේ ලක් දෙරණට වැඩම කොට වදාළ සේක. එමෙන්ම [...]
වැඩියා ගෞතම මුනි සැනසුම දෙන
පින්බර දුරුතු පොහෝ දිනයේ ප්‍රථම වරට ලක් දිවට වැඩම කළ අපගේ ශාස්තෘන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! ප්‍රථම වරට ලක්දිව ඉදිවූ ඒ මියුගුණ මහා සෑ රජාණන්ටද අපගේ නමස්කාරය වේවා ! ඒ සෑ ගර්භයේ වැඩ සිටිනා අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා !
December 2014
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 05 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර ඉල් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. එයට සමගාමීව තවත් පොත් කට්ටලයන් 03 ක් මාතර මහා විහාරයේදී ද පරිත්‍යාග කරන ලදි. මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා...!
සඟමිත් තෙරණිය මෙහි වඩිමින්නේ – ජය සිරි මහ බෝධිය සමඟින්නේ
ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පොහොය මූලික වෙමින් සිදු වී තිබේ....
November 2014
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සංදේශය රැගෙන, බරණැස ඉසිපතන මිගදායේ සිට ගම් දනව් සිසාරා වැඩමකොට වදාලේ පින්බර ඉල් පුන් පොහෝ දිනයේදී ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ [...]





