සිතට සුව දෙන භාවනා

07. නව සීවථික භාවනාව

2016-11-08T10:10:10+05:30November 2nd, 2014|සිතට සුව දෙන භාවනා|

බුදුරජාණන් වහන්සේ ගේ කාලෙ කෙනෙක් මැරුණට පස්සේ අමු සොහොනට ගිහින් දානවා. දැම්මට පස්සේ කවුරුත් යන්නෙ නෑ අමුසොහොනට. අමුසොහොනෙදි ඒ මරණයට පත්වෙච්ච ශරීරය, මළකුණ ඉදිමිලා ඉදිමිලා යද්දි, සත්තු විසින් කනවා. ඊට පස්සේ විනාශ වෙලා යනව. මෙන්න මේ කාරණය තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා බලන්න කියල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළා. ඒකට තමයි මේ නවසීවථිකය කියල කියන්නේ.

06. සතර සතිපට්ඨානය තුළ ධාතු මනසිකාර භාවනාව

2016-11-08T10:10:10+05:30November 2nd, 2014|සිතට සුව දෙන භාවනා|

දවසක් පුංචි රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ”රාහුලය, ආනාපානසති භාවනාව වඩන්න” කියල. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දන්නෙ නෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආනාපානසතිය වඩන්නෙ කොහොමද?” කියල. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය.

05. සතර සතිපට්ඨානය තුළ අසුභ භාවනාව

2020-02-14T17:42:43+05:30October 31st, 2014|සිතට සුව දෙන භාවනා|

දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ල ඇහුවා, ”ඔබවහන්සේ ලස්සනට ධර්මය දේශනා කරනවා, මේ ධර්මය ඔබවහන්සේ තුළ ඇතිවෙච්ච එකක්ද? එහෙම නැත්නම් ඔබවහන්සේ කාගෙන්වත් අහලද මේවා කියන්නේ?” කියල. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප‍්‍රකාශ කළා, ”පින්වත, මේ ලෝකයේ සුභාෂිත වූ යමක් ඇද්ද, සියල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. අප කරන්නේ ඒවා උපුටා දක්වල කතාබස් කරන එකයි.”

Comments Off on 05. සතර සතිපට්ඨානය තුළ අසුභ භාවනාව

04. සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

2020-02-13T16:05:09+05:30October 31st, 2014|සිතට සුව දෙන භාවනා|

එක තැනකදි පාරාසරිය කියන රහතන් වහන්සේ වදාළා, මේ විදිහට ඉරියව් පවත්වන කොට සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටියාට පස්සේ, ඉරියව් හරි ලස්සනයි කියල සිනිදු තෙල් දහරාවක් වගේ කියල. ඒ කියන්නේ බොහොම ශාන්ත, සංයමයට පත්වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා. ඒකයි සිනිදු තෙල් දහරාවක් වගේ කියල පෙන්නල තියෙන්නෙ.

Comments Off on 04. සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

03. සතර සතිපට්ඨානය තුළ සතිසම්පජඤ්ඤ භාවනාව

2020-02-11T16:27:23+05:30October 31st, 2014|සිතට සුව දෙන භාවනා|

අපි ඉගෙන ගත්තා ඒකට පංච නීවරණ කියල වචනයක්. පංච නීවරණ කියලා කිව්වෙ. (කාමච්ඡන්ද) රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ආසා කරලා සිත ඇදිලා යන එකට. (ව්‍යාපාද) ගැටෙන අරමුණුවලට හිත ගැටි ගැටී පවතින එක. (ථීනමිද්ධ) කම්මැලිකම, අලසකම, නිදිමත, කරන්න බෑ කියල මනසින් පසුබාන ගතිය. (උද්දච්ච කුක්කුච්ච) පසුතැවීම හා හිත විසිරීම (විචිකිච්ඡා) මේ වැඩපිළිවෙල ගැන තමන්ට විශ්වාසයක් නැතිවීම. එතකොට මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න හිතෙන්නෙ නෑ.

Comments Off on 03. සතර සතිපට්ඨානය තුළ සතිසම්පජඤ්ඤ භාවනාව

02. සතර සතිපට්ඨානය තුළ ආනාපානසති භාවනාව

2020-02-06T18:26:43+05:30October 31st, 2014|සිතට සුව දෙන භාවනා|

බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වා වදාළ වෙලාවේ පැහැදිලිවම පෙන්වා දුන්නා මේ මනුස්සයාගේ මේ සත්වයාගේ සිත පිරිසිදු කිරීම පිණිසත්, වැළපීම්, දුක් දොම්නස් නැති කිරීම පිණිසත්, කායික මානසික දුක් බැහැර කිරීම පිණිසත් ජීවිතාවබෝධය පිණිසත් නිවන පිණිසත් මේ සතිපට්ඨාන ධර්මය හේතුවන බව.

01. භාවනාවේ මූලික කරුණු

2020-09-12T21:51:09+05:30October 31st, 2014|සිතට සුව දෙන භාවනා|

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම දියුණු කරල, ඉහළම තලයට දියුණු කරල එය අපට පෙන්වා වදාළා. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.

Go to Top