භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?
රත්න දෙවර්ගයෙකි. අවිඥානික රත්නය ය, සවිඥානික රත්නය ය වශයෙනි. මෙහිලා නිල්, රතු ආදී […]
අනාවැකි පිළිබඳ බෞද්ධ මතය
අද වෙසක් පුන් පොහෝ දා ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ගෙවී ගොස් 2565 වෙනි වසර ලබනුයේ අද ය. අද පටන් බෞද්ධයන්ගේ නව වසර ඇරඹෙයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරික ලෝකයේ සම්මත වසරක් අවසන් ව නව වසරක් ලබනවිට බොහෝ මාධ්‍ය මගින් කතාබස් කරනුයේ ලබන නව වසර තමාට මෙන් ම රටට හා ලෝකයටත් කෙසේ බලපාන්නේ ද යන කරුණ ය. ඒ සඳහා බොහෝ අනාවැකිකරුවන් භාවිත කරනු ලබන්නේ ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයන් ය. නැතහොත් ගණිතමය සිද්ධාන්තයන් ය. මේ අතරට යම් යම් ආගමික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් ද ඉදිරිපත් ව අනාවැකි පවසන අවස්ථා මෙකල දක්නට ලැබෙයි.
“බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියන පිස්සෝ රැළක් ලංකාවට ‘ජම්බුද්වීපය’ කියනවා”
අනිත් කාරණය බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ඒක වෙනස් කරන්න තරම් අපේ පැරණි මිනිසුන්ට තිබුණු වුවමනාව මොකක්ද? පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියන්න ඔය බොරුකාරයන්ට.
දේශපාලනය තුල සත්පුරුෂ වීමට
අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....
දේශපාලන සංගායනාවක් ඕනෑ
සුද්දන්ගෙන් පසු මේ රටෙහි පරිපාලනය භාරගෙන කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් මේ විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. ඡන්ද දායකයින් වන මහජනයා ද දේශපාලන වශයෙන් දෑස් අන්ධ නොකරගෙන අවබෝධයෙන් යුක්තව මේ දෙස බැලිය යුතුය.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (12 කොටස)
මෙසේ ශ්‍රී මුඛ සම්බුද්ධ භාෂිතය තුළ ම ආජානීය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ මධ්‍ය දේශයේ පමණක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එමෙන්ම එම මධ්‍ය දේශයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක. “මහ බෝ මැඩට පෙරදිගින් කජංගල නම් නියම් ගමකි.....
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (11 කොටස)
බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්- ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් වූ නිසාවෙනි.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (10 කොටස)
බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ වෘක්ෂ බහුල වූ බැවින් ද කෝසම්බි නම් වූයේ යැයි පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. කෝසම්බිය භාරතීය ඉතිහාසයේ ද බෞද්ධ ග්‍රන්ථයන්හි ද දැක්වෙන ප්‍රකට නගරයකි.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (9 කොටස)
සංකස්සය වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පරුඛාබාද් දිස්ත්‍රික්කයේ කාලි නදීතෙර පිහිටා තිබුණි. සංකස්ස හෙවත් සංකිස්සාවේ පෞරාණික නාමය සාංකශ්‍ය යන්නයි. වාල්මිකීගේ රාමායනයේ ද, පාණිනීගේ අෂ්ඨධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සාංකශ්‍ය ගැන සඳහන් වේ. භාරතීය බෞද්ධ සිද්ධස්ථාන නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සාංකශ්‍ය නම් පෞරාණික නගරය කනවුජ් හා අත්‍රංජි අතර පිහිටා තිබුණි.