දසබලයෙන් බැබලුණු මුනිඳාණෝ….
මේ තථාගත බල දහයෙන් යුක්ත වූ අපගේ ශාස්තෘන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අද්විතීය, අසාමාන්‍ය, වීරෝදාර, පරම ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යත්ම නායකත්වයට පත් වුණා.
මේ තථාගත බල දහයෙන් යුක්ත වූ අපගේ ශාස්තෘන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අද්විතීය, අසාමාන්‍ය, වීරෝදාර, පරම ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යත්ම නායකත්වයට පත් වුණා.
ලෝකයේ වෙන කිසිම කෙනෙකුන් ගැන මෙතරම් ඓතිහාසික සාධක දකින්නට නැත. වෙන කිසිම කෙනෙකුගේ ඓතිහාසික තොරතුරු මෙතරම් ආරක්ෂා වී නැත.
ඇතැම් විට මෙම අවස්ථාව අපට අහිමි වුවහොත් යළි කල්ප ගණනක් යනතුරු බුදුකෙනෙකුගේ දැකීම තබා බණපදයක්වත් අසන්නට අවස්ථාව අහිමි වන්නට පුළුවනි.
“භාග්‍යවතුන් වහන්ස.... මේ සත් හැවිරිදි ළදරු තෙමේ එ්කාන්තයෙන්ම මුහුකුරා ගිය වදන් තෙපළයි. එ්කාන්තයෙන්ම මෙතෙමේ සොඳුරු ශ‍්‍රමණයෙක් වනු ඇත.”
දේවයන් වහන්ස, අපේ මන්තරය මේකයි. අපි සත්තු මරන්නෙ නෑ. සොරකම් කරන්නෙ නෑ. සිය බිරින්දෑවරුන්ගෙන් පමණයි සතුටු වෙන්නේ. බොරු කියන්නෙත් නෑ. සුරාව බොන්නෙත් නෑ.
භවත, හේ සියලු සිද්ධිලාභී ඍෂිවරයෙකි. ලොව සියල්ල දැක්මෙහි විස්මිත නුවණින් හෙබියෙකි. සියලු දහම්හි පරතෙර දුටුවෙකි. සියලු කර්ම අවසන් කළ කෙනෙකි. සියලු කෙලෙසුන් නැසූයෙකි. සියල්ලෙන් නිදහස් වූවෙකි. ඔහුට යම් කිසි නමක් ඇවැසි නම් විස්මිත නමක් ද ඇත්තේ ය. එනම් ‘සම්මා සම්බුද්ධ’ ය.
කෙළෙහිගුණ දක්වන්නට ගොස් අසත්පුරුෂයෙකුගේ ග‍්‍රහණයට හසු වූ අජාසත්තයන් කෙමෙන් කෙමෙන් ළං වන්නේ ආනන්තරික පාප කර්මය උදෙසාය. එහෙත් මෙතරම් විනාශයක් කරා තමාව ගෙනයන බව ඔහු නුදුටුවේ කළණ මිතුරන් හඳුනාගත නොහැකි නිසාවෙනි.
උත්පලා…. අනේ අක්කණ්ඩි…. කෝ මෙහාට පැමිණෙන්නකෝ… මා මෙතන අසුන් ගන්නම්. අද උදෑසන පටන් මගේ හිස […]
විමලා අපේක්ෂිත උද්‍යෝගය මෙම පුරුෂයාගෙන් නොලැබේ. ඇයට තවදුරටත් ඉවසන්නට නොහැකි විය. ඈ තව තවත් උමතු වූවා ය. උරහිස මත දවටා තිබූ දුහුල් සළුව සිරුරෙන් මෑත් කොට උඩට වීසි කරමින් සිනහ නැගුවා ය. ලාලිත්‍යයකින් යුතුව ඔබමොබ ගමන් කළා ය. දෑත් පිටුපසට යවා තනපට වෙළුම් ගැටය මුදාහැරියා ය. උඩුකය නිරාවරණය කරගත් ඈ සරාගී බැල්මෙන් යුතුව නටමින් ඇවිද්දා ය.
නායකතුමා ආයෙමත් හයියෙන් හිනාවුණා. කඩුව ඔසොවාගෙන වේගයෙන් පහර දුන්නා. කෙහෙල් දල්ලක් ඇඹරී වැටෙනා ලෙසින් කඩුව ඇඹරී වැටුණා. නායකතුමා ගත් වේගය කොතරම්ද යත්, කඩුව අතින් ගිලිහෙද්දී ඔහු වැටී පොඩිනම ඉදිරියෙහිදී දණ ගැස්සුණා.