නවතම පුවත්

අජාන් සුමේධෝ මාහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනයක්

2017-12-13T17:18:07+05:30December 13th, 2017|News, නවතම පුවත්|

ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ "The Sound of Silense" ආදී ලෝප්‍රකට භාවනා ග්‍රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පසුගිය දෙසැම්බර් 12 වන දින සවස 6.30 සිට 8.30 දක්වා කඩුවෙල හේවාගම මහමෙව්නාව භාවනා අසපුවේදී ඉංග්‍රීසි බසින් ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට යෙදුනි.

Comments Off on අජාන් සුමේධෝ මාහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනයක්

පිවිතුරු පැන් පූජා – පුල්එළිය, මැදවච්චිය

2017-12-12T18:17:57+05:30December 12th, 2017|News, නවතම පුවත්|

මාරාන්තික වකුගඩු රෝගය හේතුවෙන් පීඩාවට පත් අප මාතෘ භූමියේ වෙසෙන සුවහසක් ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, පුල්එළිය ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-09 වැනි දින සිදු විය.

අනුරාධපුර ධම්මචේතිය අසපුවේ විශේෂ පින්කම් මාලාව

2017-11-20T20:12:22+05:30November 20th, 2017|News, නවතම පුවත්|

රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය නිමිත්තෙන් 2017 නොවැම්බර් මස 18 වන දින අනුරාධපුර ධම්මචේතිය මහමෙව්නාව භාවනා අසපුවේ විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබුණි. එහිදී දහසකට ආසන්න ගර්භිණී මාතාවන් වෙනුවෙන් විශේෂ දහම් වැඩසටහනක් ද කුටි සේනාසන පූජාවක් ද පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් ද පරිවාර බෝධීන් වහන්සේලා උදෙසා ස්වර්ණ ප්‍රාකාර පූජාවක් ඇතුලව සිරි ගෞතම බෝධි වන්දනාවක් ද සිදුකරන ලදී.

රජරටට ශ්‍රද්ධා සමාරම්භය 2017-11-18 (Photos)

2017-11-20T13:34:22+05:30November 20th, 2017|News, නවතම පුවත්|

භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව රජරට පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය නොවැම්බර් 18 දින අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී පවත්වන්නට යෙදිණි.

Comments Off on රජරටට ශ්‍රද්ධා සමාරම්භය 2017-11-18 (Photos)

කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම

2017-11-07T21:45:26+05:30November 7th, 2017|News, නවතම පුවත්|

මහියංගණය, බතලයාය මහමෙව්නාව භාවනා අසපුවෙහි අභිනවයෙන් ඉදිකරන ලද කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම පසුගිය නොවැම්බර් 5 වෙනි දින සිදුකෙරිනි. මෙම පින්කමට සමගාමීව පෙර දින, එනම් 4 වෙනි දින රාත්‍රියේ පසුදා පහන්වනතුරු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනක් පවත්වන ලද අතර 5 වන දින දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී. සියල්ලෝම මේ උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක දිනය

2017-11-13T16:24:54+05:30October 30th, 2017|News, නවතම පුවත්|

භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය ඔක්තෝබර් 28 දින මාතර වැලිගම නගර ශාලාවේ දී පවත්වන්නට යෙදිණි.

Comments Off on දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක දිනය

බුද්ධගයා බුදුනුවණ අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවය

2017-10-16T20:06:43+05:30October 16th, 2017|News, නවතම පුවත්|

දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික කඨින පූණ්‍යෝත්සවය තුන්වන වරටත් පසුගිය ඔක්තෝබර් 14, 15 යන දෙදින තුළ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය

2020-09-04T14:42:32+05:30October 5th, 2017|News, නවතම පුවත්, පොහොය වර්ණනාව|

අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.

මහිංයගණය අසපුවේ බෝධි රෝපණය

2017-10-03T17:05:24+05:30October 3rd, 2017|News, නවතම පුවත්|

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර මස 28 වන දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 28 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මහියංගණයේ ශ්‍රී මහා සුමන මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම බෝධීන් වහන්සේ‍ෙ රෝපණය කිරීම සිදු විය.

Comments Off on මහිංයගණය අසපුවේ බෝධි රෝපණය

සදහම් පොත් පරිත්‍යාග – 2017 සැප්තැම්බර්

2017-10-03T15:12:45+05:30October 3rd, 2017|News, නවතම පුවත්|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ.....

Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2017 සැප්තැම්බර්
Go to Top