සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අලංකාර බුදුරැස් මාලාව
අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවම සම්බුදු රැසින් නහවමින් උතුම් සම්බුද්ධත්වයට පත්වන වේලේ විහිදුනු සවනක් ඝණ සම්බුද්ධ රශ්මි මාලාවන් සංකේතවත් කරමින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවෙහි වැඩසිටින ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස වටා අලංකාර බුදුරැස් මාලාවක් නිර්මාණය කරන ලදී. ස්වර්ණ වර්ණ ආලේපිත, පිත්තල ලෝහයෙන් නිමවන ලද මනරම් කැටයමින් සුසැදි අඩි 9ක දිගින් හා අඩි 1.5 ක පළලින් යුතු මෙම බුදුරැස් මාලාව රැස් දහරා 21 කින් සමන්විත වේ.






