බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
මහාවංශය – විසිවෙනි පරිච්ඡේදය
උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා. වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.
මහාවංශය – දහනවවෙනි පරිච්ඡේදය
අපගේ ජය ශ්‍රී මහා බෝධිද්‍රමරාජයාණන් වහන්සේ නොයෙක් ආශ්චර්යයන්ගෙන් යුක්තව ලංකාවාසීන්ගේ හිතසුව පිණිස, බුද්ධ ශාසනයේ දියුණුව පිණිස ලංකාදීපයේ රම්‍ය වූ මහමෙව්නා උයනේ බොහෝ කල් සුවසේ වැඩ වසන සේක. මේ ලංකාද්වීපයෙහි රජදරුවෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නිතර ම පූජා සත්කාර පවත්වනවා නම් සතුරන්ට ඔවුන්ව පෙළන්ට ලැබෙන්නේ නෑ. ඒක අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මහිමය යි!
මහාවංශය – දහඅටවෙනි පරිච්ඡේදය
ධර්මාශෝක රජ්ජුරුවෝ නැමැති සූර්යයා තමන්ගේ රශ්මිය නැමැති සම්පත්වලින් බොහෝ සිත්කලු ධජ පතාකයන්ගෙන් මුළු නුවර ම ලස්සනට සරසවලා, ඉතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි පූජාවක් පවත්වලා කුසුමපුරය හෙවත් පාටලීපුත්‍ර නගරය නමැති විලෙහි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සිත් නැමැති පියුම් විකසිත කෙරෙව්වා.
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ දානමය පින්කම – 2019.06.15
ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී අංගුලිමාල මහාසෑයේ පේසාවළලුවල මූලික කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පෙර මහා සංඝගත දක්ෂිණාවක් 2019 ජුනි මස 15 වන දිනයේදී චෛත්‍යයේ පේසාවළලු මතදීම පූජා කරන්නට යෙදුනි. මෙම මහා දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කරන ලදී. පින් කැමති සියල්ලෝ මෙම උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!
12-4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව
“මයෙ රත්තරන් පුතේ...” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.
සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය
මනුජේන්ද්‍ර රජ තෙමේ සියල්ලට පෙර ශ්‍රමණරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්‍රතිමා වහන්සේ නමක් කරවා
12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
"ඇවැත්නි, අපි මේ දහම් අවවාද ගත්තේ ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙන් බව හොඳට මතක තබාගන්න. අප්‍රමාදීව මහණකම කරන්න” කියලා සඟ පිරිසව බලවත්ව භාවනාවට යොමු කරනවා. තමන් ගිහින් හොඳට නිදා ගන්නවා."
මහාවංශය – දහහත්වෙනි පරිච්ඡේදය
පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයුරින් ඉතා යහපත් ලෙස මග සැලසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයෙහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහට නම් අවසන් කළ හැකිද!
මහාවංශය – දහසයවෙනි පරිච්ඡේදය
තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මහත් කීර්තියට පත්වුනා. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදුනා. උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දැක්වූ දෙවියෝත් මිනිස්සුත් බොහෝ පින් රැස්කර ගත්තා.
12-2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව
"උපනන්ද තෙරුන්ගෙන් බණ ඇසූ බොහෝ භික්ෂූන් තුන් සිවුරුවලින් උන්වහන්සේව පිදුවා. තමනුත් ධුතාංගාදිය සමාදන් වුණා. දස කථාව ඇසූ ඒ භික්ෂූන් සතුව තිබූ වැඩිමනක් පිරිකර අස්කරද්දී ඒවත් උපනන්ද තෙරුන්ම ගත්තා."