බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
ශ්‍රී අංගුලිමාල මහා සෑයේ උතුම් ධාතු නිධානය
මහා තෙද ඇති මහා බල ඇති මහා අනුකම්පා ඇති අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් හලාවත, බිංගිරිය-බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ ශ්‍රීමත් අංගුලිමාල අරහන්ත ධාතු නිධානය ඇසළ පුන් පෝදා අසිරිමත් අයුරින් සිදුවිය.
“බියකරුය මේ සසර” චිත්‍රපටය දැන් Shraddha TV යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි
මෙලොවදී කරන ලද පාපකර්මයන්ගේ විපාක විඳවන බියකරු නිරයේ ස්වභාවය විදහා දක්වන, "බියකරුය මේ සසර" ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මාධ්‍ය 3D සිනමා චිත්‍රපටය දැන් Shraddha TV YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම 2020-05-16 (ඡායාරූප)
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින ආලෝක පූජාව (ඡායාරූප)
ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ පැවිදි අපේක්ෂක දරුවන් එකතුවී සිදුකළ මෙම ආලෝක පූජාවන් පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සර්වඥ ධාතු නිධානෝත්සවය 2020-05-07 (ඡායාරූප එකතුව)
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!
15-7. එක්තරා උපාසකයෙකුගේ කථා වස්තුව-ධම්මපදය
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සෙතසුව සැළසීම පිණිස තමයි ජීවිතය කැප කළේ. ඇතැම් අවස්ථාවලදී කවුරුන් හෝ අඩුගණනේ සෝවාන් ඵලයටවත් පත්වීමට පින තියෙනවා නම් ඒ තැනැත්තා වෙනුවෙන් ඕනෑම දුරක් යන්න පෙළඹෙනවා.
මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21
කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ 'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් දිවයිනේ රෝහල් 70ක් සඳහා ආරක්ෂිත ඇඳුම්, සන්නිවේදන කට්ටල සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම 2020-04-21 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී සිදුවිය.
එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-20
සිව්වන අදියර ලෙස අතුරුගිරිය, ග්‍රාමෝදයගම හා නව නිවාස සංකීර්ණය අසල අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ද, ජා-ඇල ගල්ලවත්ත ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙත ද, රටේ පවතින තත්ත්වය හමුවේ ඉතා අසරණ වී ඇති බව දන්වන ලද විවිධ ප්‍රදේශවල නිවෙස් වෙත ද ගොස් එළවළු පාර්සලයක් ලබාදීම 2020-04-20 වන දින සිදු කරනු ලැබීය.
එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-18
ශ්‍රද්ධා රූපවාහිනිය මගින් දියත් කළ 'ජාතියේ ගොවි විරුවන් රැකගනිමු' පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි තෙවන අදියර ලෙස ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයේ මුහුදුබඩ ආසන්නයේ වෙසෙන ආදිවාසී ජනතාව වෙත , 2020-04-18 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය.
15-6. සැදැහැවත් කුලදැරියකගේ කථා වස්තුව- ධම්මපදය
අලුත් මනාලියත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඈ ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ඇප උපස්ථාන කරමින් කඩිනමින් එහාට මෙහාට යනවා. ඇය සරණ පාවාගත් තරුණයා ඇය කෙරෙහි ලොල් සිතින්මයි වාසය කළේ.