රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12
‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, හෙතෙම ගිලනුන්ට උපස්ථාන කරන්නේය." (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ) 2019-09-12 දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විණි. මෙම පින්කම උදෙසා දායකත්වය දැක්වූ පින්වත් සරත් සිල්වා...
අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්මදින සැමරුම් උළෙල (ඡායාරූප)
2019 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් එතුමන්ගේ උදාර චින්තනය ජනගත කිරීම තුළින් සිංහල ජාතිය අවදි කරනු වස්, 5000 ක පමණ තරුණ දෙමාපියන් සහ යොවුන් දූ පුතුන් සහභාගී වූ "සිරි දම්පල් අභිනන්දන" පුණ්‍යමහෝත්සවය 2019 සැප්තැම්බර් 14 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි.
මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස එළි දකී
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට අනුවාදිත මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස 2019-09-14 දින එළිදැක්විණ. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු විශේෂ උත්සව සභාවේදී ය.
පොල්ගහවෙල අසපුවේ 29 වන ලේ දන්දීමේ පින්කම | 2019-09-08 (ඡායාරූප)
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 29 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2019-09-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 318 පමණ [...]
අභයදාන පුණ්‍ය කර්මය 2019-09-08 (ඡායාරූප)
ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 17 දෙනෙකු සහ එළුවෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2019-09-08 වන දීන දී පැවැත්වීය. මෙම සතුන් නිදහස් [...]
අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සංවත්සරය – 2019
සිරි දම්පල් අභිනන්දන. 2019 සැප්තැම්බර් 14 සෙනසුරාදා දහවල් 01.00 සිට සවස 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී... තරුණ දෙමව්පියන්ට සහ යොවුන් දූපුතුන්ට මෙත් සිතින් ආරාධනා... සියලු විමසීම්: 070 375 1667 | 070 277 9152 [...]






