තරුණ දූපුතුන් වෙනුවෙන් සිව්වන වරටත් පැවැත්වූ යොවුන් දහම් සක්මන වැඩසටහන
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් සංවිධාන කළ ''අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා'' යන්න තේමා පෙරදැරිව ‘යොවුන් දහම් සක්මන 2019 ‘ සදහම් වැඩසටහන පෙබරවාරි මස 10 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව නිමාවට පත් විය.
මාතලේ ශාක්‍යමුනි මහාසෑයේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය
මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුක්තව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් ඉදිවන අඩි 145 උසැති සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවන වගයි......
“බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?” පර්යේෂණ ග්‍රන්ථය දොරට වඩී
පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලදුව දිවයින පුවත්පතේ සහ මහාමේඝ පුවත් සඟරාවේ “බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?” යන නමින් පළකරන ලද පර්යේෂණ ලිපි පෙළ එකතු කොට සැකැසුණු ග්‍රන්ථය දැන් මහාමේඝ ප්‍රකාශනයක් ලෙසින් ඔබ අතට.....
දමිළ දරුවන් වෙනුවෙන් සිදුකෙරුණු පාසල් උපකරණ පරිත්‍යාගය (ඡායාරූප)
පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු පළාත තුළ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය නිසා එම ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණතාවයට පත්වුණා. මෙසේ අසරණතාවයට පැමිණි ජනතාවට සවියක් වීම සළකා ඔවුනගේ සුභ සෙත උදෙසා, එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ‍්‍රද්ධා සමාජ සත්කාර ඒකකය විසින් පාසැල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මයක් පසුගියදා සිදු කළා. මෙහිදී කිලිනොච්චියේ කණ්ඩාවලෛ මහා විද්‍යාලය, ධර්මපුරම් අම්බිකයි විද්‍යාලය, මුලතිව් නෙත්තලියාරු දෙමළ විද්‍යාලය යන පාසල් තුන කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම පාසැල් උපකරණ බෙදා දීම සිදු වුණේ. මේ පින්කමේදී 350 කට අධික දරුවන් පිරිසක් උදෙසා පාසැල් බෑග් හා අනෙකුත් පාසැල් උපකරණ ඇතුළු රු.3500කට අධික වටිනාකමකින් යුතු අංග සම්පුර්ණ පාසැල් උපකරණ කට්ටලයක් බැගින් ලබාදීම සිදුවුනා. මෙසේ බෙදා දුන් ආධාරවල වටිනාකම රුපියල් මිලියනයකට අධිකයි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයට සම්බන්ධ සැදැහැවතුන්ගේ හා ශ‍්‍රද්ධා රූපවාහිනී පේ‍්‍රක්ෂක, ලක්විරු ගුවන්විදුලි ශ්‍රාවක ඔබගේ ද්‍රව්‍යමය හා මූල්‍යමය දායකත්වයෙන් මෙම පින්කම සාර්ථක කරගැනීමට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට හැකියාව ලැබුණා.
සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2018 දෙසැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2018) දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 15 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]
කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම
ඉතා දුර්ලභව ලබන මිනිසත් බව රැකදෙනු පිණිස අහිංසක දරු සිඟිත්තන් දහස් ගණනකට අභයදානය පුද කරමින් කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට අත්‍යවශ්‍යව තිබූ අධික මූල්‍යමය වටිනාකමකින් යුතු ළදරු සුරැකුම් කුටීර (Infant Incubator) 4ක් සහ විශේෂ ශ්වසන ආධාරක උපකරණ (ventilator) 4ක් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් 2018-12-18 දින සිදුකෙරිනි. මේ සඳහා මෙත් සිතින් යුතුව දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනමයි.






