බණ්ඩාරවෙල මහමෙව්නාව බෝධිපර්වත මුදුනේ ශ්‍රී සත්බුදු මහාසෑ විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට විවෘත වූ වගයි…
ඇල්ල, බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු බෝධිපර්වත කඳු මුදුනේ ඉදිවූ ශ්‍රී ඉන්දක සමන් සත්බුදු මහාසෑ විහාරය 2024 අගෝස්තු මස 13 වන දා සිට දෙව් මිනිසුන්ගේ වන්දනා මාන පිණිස විවෘත කරන්නට යෙදුනි.බුදුවරු ලොව පහළ වීම අතිශයින්ම [...]
මිහිඳු මහාසෑයේ ධාතු නිධානය පොසොන් පුන් පෝදා සිදු වූ වගයි
ඓතිහාසික අනුරාධපුර මිහින්තලා පින්බිමෙහි සුපිහිටි, වසර දහස් ගණනකට පසුව ප්‍රතිසංස්කරණයට කරන්නට යෙදුණ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ “ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය” වර්ෂ 2024 ක් වූ ජූනි 21 වන දිනට යෙදුණු පොසොන් පුන් පොහෝදා අලුයම 6.00ට අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
පුණ්‍යානුමෝදනාවයි!
පුණ්‍යානුමෝදනාවයි! ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා! ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු අග්‍රශ්‍රාවක යුගල වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර [...]
උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය
සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.
සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන
අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.
සිළුමිණ සෑ රජුන් ගෞතම සසුනට පූජා වූ වගයි
අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 09 මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලදුව සුවහසක් සැදැහැතියන් හට අපමණ පින් ඵල නෙලාදෙමින් හුනුමුල්ල මහමෙව්නාව මෙත්සිසිල භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවූ මහා සෑ රජානන් වහන්සේ, [...]






