අලුත් සහල් මංගල්‍යය – 2016
අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් මෙවර මාස් කන්නයේ නෙළා ගත් අස්‌වැන්නේ නොඉඳුල් සහල් වල අග්‍රතම කොටසින් කිරිපිඬු පිස භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවන උදෙසා පූජාකරමින් [...]
මාසික දහම් වැඩසටහන පැවැත්වෙන දිනයන් වෙනස් කෙරේ.
නමෝ බුද්ධාය! කරුණාවෙන් දැනුම්දීමයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සෑම මසක ම තුන්වන ඉරු දින සිට පවත්වාගෙන ආ අලුත් දහම් වැඩසටහන ළඟ ළඟ පොහොය දින පැමිණීම හේතුවෙන් පහත සඳහන් අයුරින් වෙනස් කරගන්නට සිදුවිය. 2016 [...]
අසිරිමත් දෙතිස්ඵලරුහ බෝධි වන්දනාව
මින් වසර 2300කට පෙර සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවාගෙන පැමිණි දඹදිව ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා රත්නය ශාඛා පහකින් සමන්විත වූහ. එම උතුම් බෝ රජාණන් අනුරපුර උඩමළුවෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් [...]
දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – 2016 ජනවාරි
පසුගිය මාසයේ සැදැහැවතුන් බොහෝ දෙනෙකුගෙන් ලැබුණු මූල්‍යමය අනුග්‍රහය නිසා මෙම ජනවාරි මාසයේ සදහම් පොත් කට්ටල් දොළහක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල දොළහක් සඳහා පරිත්‍යාග කරන්නට අපට හැකියාව ලැබුනි. මෙම මාසය තුළ සදහම් පොත් කට්ටල් පරිත්‍යාගයන් [...]
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම
නමෝ බුද්ධාය! අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ධම්මපදට්ඨ කථාවෙහි අවසාන කොටස වන බ්‍රාහ්මණ වර්ගය එළිදැක්වීම මෙම මස 23 වනදා එනම් දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකිරීමට [...]
සර්වඥ ධාතු ප්‍රදර්ශනය – දකුණු කොරියාව
නමෝ බුද්ධාය! සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකුණු කොරියානු දේශයට වැඩම කළ වගයි.... දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියානු විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින අසිරිමත් සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී [...]





