News

News2016-11-08T10:09:29+05:30
1905, 2015

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

By |May 19th, 2015|Categories: නවතම පුවත්, සදහම් පරිත්‍යාග|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.

705, 2015

කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වෙසක් පුන් පොහෝ දින පැවති ළමා පිරිත් සජ්ඣායනය

By |May 7th, 2015|Categories: News, නවතම පුවත්|1 Comment

වර්ෂ 2559 ක් වූ වෙසක් පුන් පොහෝ දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී ළමා පිරිත් කණ්ඩායමෙහි පළමු පිරිත් සජ්ඣායනාව පැවැත්විණි. මෙහිදී කුඩා දරුවන් 50ක් පමණ එක්ව පැය දෙකක පමණ කාලයක් පිරිත් පේකිරීම සහ මහ පිරිත සජ්ඣායනා කරන ලදී. එම කුඩා දරුවන් විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනා කරන ලද එම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි හඬ පටය මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය.

405, 2015

මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය

By |May 4th, 2015|Categories: නවතම පුවත්|Comments Off on මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය

බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිකරනු ලැබූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව මුළුමනින්ම විදුලි බුබුළින් වැසී යන පරිද්දෙන් අලංකාර කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. එමෙන්ම අසපුව පුරා වෙසක් කූඩු එල්ලා අලංකාර තිබූ අතර සම්බුද්ධ රාජ මාලිගාවේ සලපතල මළුවේ දර්ශනීය පහන් කූඩුවක් ද ඉදිකොට තිබුනා. මේ සියලු වෙසක් සැරසිලි වලින් මුළු මහමෙව්නාව භාවනා අසපුව පුරා අමුතුම සිරියාවක් ගෙන දුන්නා.

2004, 2015

සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අලංකාර බුදුරැස් මාලාව

By |April 20th, 2015|Categories: News|2 Comments

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවම සම්බුදු රැසින් නහවමින් උතුම් සම්බුද්ධත්වයට පත්වන වේලේ විහිදුනු සවනක් ඝණ සම්බුද්ධ රශ්මි මාලාවන් සංකේතවත් කරමින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවෙහි වැඩසිටින ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස වටා අලංකාර බුදුරැස් මාලාවක් නිර්මාණය කරන ලදී. ස්වර්ණ වර්ණ ආලේපිත, පිත්තල ලෝහයෙන් නිමවන ලද මනරම් කැටයමින් සුසැදි අඩි 9ක දිගින් හා අඩි 1.5 ක පළලින් යුතු මෙම බුදුරැස් මාලාව රැස් දහරා 21 කින් සමන්විත වේ.

504, 2015

ලේ දන් දීමේ පින්කම

By |April 5th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ලේ දන් දීමේ පින්කම

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 17 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-04-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 කට අධික පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් ....

2803, 2015

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය 2015

By |March 28th, 2015|Categories: News, නවතම පුවත්|7 Comments

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පුණ්‍ය‍ෝත්සවය නිමිත්තෙන් පැවති දේශයේ අලුත් සහල් අස්වැන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ බක් පුර අටවක පෝ දින හෙවත්, ව්‍යවහාරික වර්ෂ 2015 මාර්තු මස 27 වැනි දින දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සම්පූර්ණ විය.

Go to Top