මහාවංශය – දහඅටවෙනි පරිච්ඡේදය
ධර්මාශෝක රජ්ජුරුවෝ නැමැති සූර්යයා තමන්ගේ රශ්මිය නැමැති සම්පත්වලින් බොහෝ සිත්කලු ධජ පතාකයන්ගෙන් මුළු නුවර ම ලස්සනට සරසවලා, ඉතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි පූජාවක් පවත්වලා කුසුමපුරය හෙවත් පාටලීපුත්ර නගරය නමැති විලෙහි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සිත් නැමැති පියුම් විකසිත කෙරෙව්වා.