June 2019
සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය
මනුජේන්ද්‍ර රජ තෙමේ සියල්ලට පෙර ශ්‍රමණරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්‍රතිමා වහන්සේ නමක් කරවා
12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
"ඇවැත්නි, අපි මේ දහම් අවවාද ගත්තේ ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙන් බව හොඳට මතක තබාගන්න. අප්‍රමාදීව මහණකම කරන්න” කියලා සඟ පිරිසව බලවත්ව භාවනාවට යොමු කරනවා. තමන් ගිහින් හොඳට නිදා ගන්නවා."
මහාවංශය – දහහත්වෙනි පරිච්ඡේදය
පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයුරින් ඉතා යහපත් ලෙස මග සැලසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයෙහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහට නම් අවසන් කළ හැකිද!
මහාවංශය – දහසයවෙනි පරිච්ඡේදය
තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මහත් කීර්තියට පත්වුනා. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදුනා. උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දැක්වූ දෙවියෝත් මිනිස්සුත් බොහෝ පින් රැස්කර ගත්තා.
12-2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව
"උපනන්ද තෙරුන්ගෙන් බණ ඇසූ බොහෝ භික්ෂූන් තුන් සිවුරුවලින් උන්වහන්සේව පිදුවා. තමනුත් ධුතාංගාදිය සමාදන් වුණා. දස කථාව ඇසූ ඒ භික්ෂූන් සතුව තිබූ වැඩිමනක් පිරිකර අස්කරද්දී ඒවත් උපනන්ද තෙරුන්ම ගත්තා."
මහාවංශය – පහළොස්වෙනි පරිච්ඡේදය
ඔය විදිහට බුදු සසුන බබළවන මිහිඳු මහරහතන් වහන්සේ සතියක් ඇතුලත මාර්ගඵලලාභීන් අටදහස් පන්සියයක් ඇති කොට වදාළා. මිහිඳු මහරහතන් වහන්සේ බුදු සසුන බබුළුවා වදාළ තැන යන අර්ථයෙන් මහා නන්දන වනයට ‘ජෝතිවනය’ යන නාමය ලැබුනා. ‘දේවානම්පිය’ යන නාමයෙන් යුක්ත වූ සොඳුරු නුවණැති රජ්ජුරුවෝ නිමල ප්‍රඥා ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණ මේ අනුරාධපුරයේ කරවූ මේ විහාරය ලංකාවේ පළමු මහාවිහාරය යි.